Connect with us

පුවත්

සුධර්මාගේ මෙහෙකාරියගේ ඝාතනයට පොලිසියේ පිරිසක් අත්අඩංගුවට!

Published

on

කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය ගැන විමර්ශන කරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම එම ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිකරගෙන තිබේ.

මේ වන විට පොලිස් කණ්ඩායමක් ඇය පදිංචිව සිටි බණ්ඩාරවෙලටද ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙහෙකාරිය පොලිස් ස්ථානය තුළට රැගෙනවිත් පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති බවත් එහිදී ඇය මියගිය පසු නාඳුනන තැනැත්තියක් ලෙස කොළඹ ජාතික රෝහලට ඇයව ඇතුළත් කර මෙම මරණය සැඟවීමට වැලිකඩ පොලිසිය පියවර ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

තමාගේ නිවසේසොරකමක් සිදු වී ඇති බවට සුදර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ල වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් පොත්වල ලියා ඇත්තේ පොලිස් පහර දීමෙන් මෙහෙකාරිය මියගිය පසුව බවට ද තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන ඇත.

එම පැමිණිල්ල ලියාගෙන ඇත්තේ සුදර්මා නෙත්තිකුමාරගේ නිවෙවෙ ගොස් එහිදී බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් ද විශේෂ සොයා බැලීමක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.

මේ සම්බන්ධයෙන් 58 හැවිරිදි සුදර්මා නෙත්තිකුමාර මහත්මිය වැලිකඩ පොලිසියට පෙරේදා (10) පැමිණ සිය නි‍වෙස‌ේ සිදුවූ එම සොරකමට අදාළ සවිස්තර පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අනුව රාජගිරිය කුරේ මාවතේ පිහිටි ඇගේ නිවෙවෙදී මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය මාර්තු 26 වෙනිදාත් මැයි 03 වෙනිදාත් අතර කාලය තුළදී බව පවසා තිබේ.

එසේම ඇය එම වැඩිදුර පැමිණිල්ලෙහි දක්වා ඇත්තේ රන් භාණ්ඩ, වටිනා සුවඳ විලවුන්, රූපලාවණ්‍ය භාණ්ඩ සොරාගැනීමක් සිදුව ඇති බවය.

එහි මුළු වටිනාකම සඳහන් කර ඇත්තේ රුපියල් 1,914,000ක් ලෙසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරුතුරු අනාවරණය කරන ආකාරයට අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ළඟදීම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

සබැදි පුවත්

සුධර්මාගේ මෙහෙකාරිය අත්අඩංගුවට පත්ව ඇත්තේ පැමිණිල්ලක් දාන්නත් කලින්!

සුධර්මාගේ මෙහෙකාරියගේ මරණයට පොලිසියේ 4ක් ගෙදර

සුධර්මාගේ මෙහෙකාරිය පොලිසියේදී මියයාම ගැන පරීක්ෂණයක්!

සුධර්මාගේ ගෙදර සොරකමේ සැකකාර මෙහෙකාරිය පොලිසිය තුළ රෝගී වී මරුට

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved