Connect with us

පුවත්

සුනාමියක් එනව නම් ඇලර්ට්එකක් දුරකථනයට!

Published

on

සුනාමි අනතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ජංගම දුරකථන සඳහා නාද රටාවක් (Ringtone) හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත. 

මෙරට ජනගහනයෙන් සියයට 99.9කටම ජංගම දුරකථනයක් පවතින බැවින්, ජංගම දුරකථනයේ නාද රටාවක් හරහා සුනාමි අනතුර පිළිබඳව මෙහිදී දැනුවත් කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.

දුරකථන සමාගම් එක්ව මෙම කටයුත්ත සිදු කරන බවද ඔහු කීවේය.

අලුයම 1 ත් 4 ත් අතර කාලයේදී බහුතරයක් නිදාගෙන සිටින කාලය බැවින්, එම කාලයේදී සුනාමි අනතුරක් පිළිබඳව තොරතුරක් ලැබුණහොත් සියලුම ජංගම දුරකථන නාද කිරීමේ ක්‍රමවේදයක් සකස් කෙරෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

මෙරට මුහුදුබඩ ප්‍රදේශයන්හි ස්ථාපිත කොට ඇති සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා කුලුනු සක්‍රිය තත්ත්වයේ නොතිබුණහොත් ඉදිරියේ අනතුරුදායක තත්ත්වයක් උද්ගත විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පසුගියදා පැවසීය.

මේ අතර ඉකුත් 2020 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළදී මෙරට භූමි කම්පා 48 ක් සිදුවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩ බලන) එම්.එම්.ජේ.පී. අජිත් ප්‍රේමා මහතා පැවසීය.

භූමිකම්පා අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

ඉකුත් 2020 වසරේදී භූ කම්පන 16 ක්ද, 2021 වසරේදී භූ කම්පන 18 ක්ද, 2022 වසරේදී භූ කම්පන 05 ක්ද, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළදී භූ කම්පන 09 ක්ද වාර්තා වන බව වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම් භූ කම්පන රැසක් සුළු කම්පන බවද ඔහු පැවසුවේය.

මෙලෙස භූ කම්පන වරින් වර ඇතිවීමට බලපාන ලද කාරණා පිළිබඳව සොයා බලන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මෙ වසරේ පෙබරවාරි 10 වැනිදා බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන දෙකක්ද, පෙබරවාරි මස 11 වැනිදා වැල්ලවාය ආශ්‍රිතවද, පෙබරවාරි මස 22 වැනිදා බුත්තල සහ වැල්ලවාය ආශ්‍රිතවද, මාර්තු මස 18 වැනිදා කිරින්ද මුහුදු කලාපය ආශ්‍රිතවද, මාර්තු මස 19 වැනිදා ගෝමරන්කඩවල ප්‍රදේශය ආශ්‍රිතවද, මාර්තු මස 24 වැනිදා සෙල්ල කතරගම ප්‍රදේශය ආශ්‍රිතවද, මාර්තු මස 30 වැනිදා බේරුවල මුහුදු කලාපය ආශ්‍රිතවද, අප්‍රේල් මස 12 වැනිදා මොණරාගල ප්‍රදේශය ආශ්‍රිතවද, අප්‍රේල් මස 24 වැනිදා හම්බන්තොට ආශ්‍රිත මුහුදු කලාපයේද භූ කම්පන තත්ත්වයන් වාර්තා විය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved