Connect with us

පුවත්

සුප් දන්සලක් දෙන්න ගිහින් ඇණකොටාගෙන තරුණයෙක් මරුට

Published

on

ඇහැළියගොඩ, පන්නිල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (03) සවස් කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 23 හැවිරිදි වියේ පසුවූ පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරුගේ ඥාතීන් සුප් දන්සලක් දීමට සූදානම් කරමින් තිබියදී, මරණකරු එම ස්ථානයට පැමිණ ඔහුගේ පසුම්බියෙන් තිබූ මුදල් එහිදී අස්ථානගතව ඇති  බවට ප්‍රකාශ කිරීමත් සමඟ එම ස්ථානයේ ආරවුලක් ඇතිවී තිබේ.

එහිදී එම ස්ථානයේ සිටි අයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමෙකින් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මරණකරු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයෙකු බවටද දැනට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකර ඇති සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදීත් එක වෙයි

Published

on

By

ජර්මනියේ පැවති Internationales Leichtathletik Meeting මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි. 

යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

Continue Reading

පුවත්

තරුණයින් 2කගේ සිරුරු මල්වානේ කුඹුරක

Published

on

By

දොම්පේ  මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසයි.

පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස්  නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී ඇතග

මෙලෙස මියගොස් ඇත්තේ රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙකි.

සිද්ධි සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Continue Reading

පුවත්

තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනයක ගැටුණු තරුණයකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලු කාළා ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අතුරුගිරිය වල්ගම සුව මාවත සිසිලස උද්‍යානයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved