Connect with us

පුවත්

සුබානා ජුරොං සැලැස්ම ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුකමිටුවක් හා නව ආයතනයක්

Published

on

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාත විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ පුළුල් සංවර්ධනයකට ලක් කළයුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා අවිධිමත්ව සිදු කෙරෙන නගර සංවර්ධනය පසුව පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නැගෙනහිර පළාත සඳහා වු සංවර්ධන සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

1997 පමණ ඉන්දික ගුණවර්ධන අමාත්‍යවරයා බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ පළමු සැලැස්ම ඉදිරිපත් කළ බව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව සිංගප්පුරුවේ සුබානා ජුරොං (Surbana Jurong)   සමාගම 2004 වසරේ ඉදිරිපත් කළ සැලැස්ම ද ක්‍රියාත්මක නොවු බව කියා සිටියේය.

ඉන් අනතුරුව 2015 වසරින් පසුව එම සමාගම විසින් අදාළ සැලැස්ම නැවත සංශෝධනය කර ලබා දුන් අතර එම සැලැස්ම පිළිබඳ සියලුදෙනා සමග සාකච්ඡා කර, අවශ්‍යනම් තවදුරටත් සංශෝධන සහිතව බස්නාහිර පළාතට අවශ්‍ය මුලික සංවර්ධන සැලැස්ම පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය හරහා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන සංවර්ධන සැලැස්ම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම සහ ඉඩම් පවරා ගැනීම් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර  එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන  සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී  යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්  මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved