Connect with us

පුවත්

සුරාබදු දෙපාර්තුමේන්තුවට බිලියන ගණනක පාඩුවක්

Published

on

සුරාබදු දෙපාර්තුමේන්තුවට විධිමත්, කාර්යක්ෂම සුරාබදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම සහ මද්‍යසාර සමාගම්වලට වාසි සහගත ලෙස බදු අය කරගැනීම හේතුවෙන් ජුනි මස අවසන් වන විට අහිමි කරගෙන ඇති මුළු සුරාබදු හා අයභාරය රුපියල් බිලියන 1.8ක් බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් විමර්ශනයක් සිදු කර තිබෙන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්නරයා විසින් එම නිර්දේශයන් නොසළකා හරිමින් සභාව මග හරමින් සිටින බවත්ය.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මෙම ක්‍රියාකලාපය පාර්ලිමේන්තුවට හා කමිටුවටත් කරන අගෞරවයක් බව පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපකිවරයා විසින් පවසා තිබෙන බව සඳහන්ය.

තවද එම හිඟ සුරාබදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදයට ද ලක් වී තිබේ.

එවන් පසුබිමික පසුගිය දා මාධ්‍ය අනාවරණය කර තිබුණේ සුරාබදු කොමසාරිස්වරයා මද්‍යසාර මිල පහළ දමන ලෙස මද්‍යසාර සමාගම් වලින් ඉල්ලා ඇති බවය.

සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ රටේ දැනටමත් බිලියන ගණන් හිඟ සුරා බදු ගෙවීම පැහැර හරිමින් සිටින මද්‍යසාර නිෂ්පාදකයන්ගෙන් හිඟ සුරා බදු අය කර ගැනීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

තවද නීත්‍යානුකූල නොවන ආකාරයට වෙළද පොළට එන මද්‍යසාර නීතියේ රැහැනට යටත් කීරීම සහ වෙළඳපොළ තුළ ඇති සුරාබදු නොගෙවා අළෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත් ඒවා වෙළද පොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයන් නීතියේ රුහැනට ගෙන ඒම මෙන්ම එවැනි තත්වයන් ඇති වීම වැළැක්වීම සුරාබදු කොමසාරිස්වරයාගේ සහ එම දෙපාර්තුමේන්තුවේ ප්‍රමුඛ කර්යය බව එම නිවේදනයේ සඳහන්ය.

එසේ නොමැතිව මද්‍යසාර මිල අඩු කරන ලෙස මද්‍යසාර සමාගම්වලින් ඉල්ලීම් කර රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර නැවතත් සමාගම් වලට වාසි සහගත තත්වයක් ඇති කරමින් ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බව එමඟින් අවධාරණය කර තිබේ.

මද්‍යසාර රටක ආදායමක් නොව වියදමක් බව විද්‍යාත්මකව ඔප්පු වී තිබෙන බවත් අපේ රටේ මද්‍යසාර වලින් බදු ලැබුන ද මද්‍යසාර වලින් ලැබෙන සුරාබදු ආදායමට වඩා විශාල වියදමක් මද්‍යසාර හේතුවෙන් සිදුවන සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය සඳහා වියදම් දැරීමට සිදු වී තිබෙන බවත් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයේ සඳහන්ය.

2023 වසරේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සිදු කළ සමීක්ෂණයකට අනුව එම වසරේ අප රටේ මද්‍යසාර නිසා සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පාඩුව රුපියල් බිලියන 237කි.

නමුත් මද්‍යසාර බදුවලින් ලද සුරා බදු ආදායම රුපියල් බිලියන 165.2 ක් වන අතර ඒ අනුව මද්‍යසාර රටක ආදායමක් නොව වියදමක් බව තව දුරටත් තහවුරු වි තිබේ.

සුරාබදු කොමසාරිස්වරයාගේ වගකීම වන්නේ රටේ ජනතාව මද්‍යසාර භාවිතයෙන් රෝගීන් බවට පත් කරමින්, පවුල් ජීවිත විනාශ කරමින්, රටේ සිදුවන අනතුරු වැඩි කරමින්, දරුවන්ගේ සතුට, නිදහස උදුරා ගනිමින්, කාන්තාවන්ට සිදුවන හිංසනය ප්‍රවර්ධනය කිරීම නොව මද්‍යසාර බදු නිවැරදිව අය කර ගනිමින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වෙළඳ පොළට එන මද්‍යසාර වැළැක්වීමට කටයුතු කිරීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved