Connect with us

පුවත්

සුසිල් උපාධියට නිබන්ධනය කළේ ස්ත්‍රී නිමිත්ත ගැනද? රෝහිණී අසයි!

Published

on

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට ඉකුත් සතියේ කලබැගෑනියකට මුහුණ දීමට සිදු වුයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණි කවිරත්නට අදාළව කට වැරදීමක් නිසාය. 

ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා ඊයේ මන්ත්‍රීවරියට කනගාටුව පළ කළේ මන්ත්‍රීවරියගෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙනි.

කෙසේවුවද, මන්ත්‍රීවරිය එයට ප්‍රතිචාර දැක්වූයේ නව තනතුරක්ද ඇමැතිවරයාට පටබඳිමිනි. 

ඇය ඔහුව එහිදී ”කුණුහරුපාචාර්ය” ලෙස නම් කර සිටියාය.

ප්‍රේමජයන්ත මහතා සිය සමාව ගැනීම මෙසේ සිදු කළේය.

” පසුගිය සිකුරාදා මෙම ගරු සභාවේ මතු වූ සංවාදයකදී රෝහිණි කවිරත්න මැතිනියට යම් සිත් රිදීමක් වූයේ නම් ඒ ගැන මම කනගාටු වෙනවා. එය එතුමිය වෙත එල්ල කරන ලද්දක් නොවන බවත් කියන්න කැමතියි.”

කෙසේවුවද, මන්ත්‍රීවරිය එයට ප්‍රතිචාර දැක්වූයේ කථානායකවරයාටද චෝදනාවක් එල්ල කරමින් නොනැවතී ස්ත්‍රී නිමිත්ත ගැනද සඳහන් කරමිනි.

ඇය එහිදී වැඩිදුරටත් මෙසේ පැවසුවාය.

‘‘මේ සම්බන්ධයෙන් මම වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියා. මට ඔබතුමාගෙන් දැන ගන්න අවශ්‍යයයි. මට සැකයක් ති‍යෙනවා මෙතුමාගේ මේ ප්‍රකාශය කරන තෙක් ඒ වරප්‍රසාද ප්‍රශ්නය කල් දැම්මා ද කියලා. උත්තරීතර යැයි කියන මේ සභාවේ සභානායක, අධ්‍යාපන ඇමැති, කුණුහරුපාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කියන මනුස්සයා කරපු කථාව……”

“කට වහගෙන ඉන්න කරුණාකරලා. එතුමා එදා කළ කතාව කථානායකතුමාත් අගමැතිතුමාත් පිළිගන්නවා ද. ඒක හැන්සාඩ් එකෙන් අයින් කරලා තිබෙනවාද. එහෙම නැත්නම් අපි දන්නවා සුමංගල ශබ්ද කෝෂයේ මේ වචනය තිබෙනවා මට ප්‍රකාශ කරන්න බැහැ. මොකද මම එතැනට වැටෙන්න කැමති නැහැ. ඒ වචනය මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද කියලා මම කථානායකතුමාගෙන් අහනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ කාන්තාවක් කතා කරනකොට ස්ත්‍රී නිමිත්ත එළියට ඇදගෙන ඒක මලද…. මල් ද….. කියනවා. මොකක්ද හැදියාව. මම දන්නෙ නැහැ මෙතුමා උපාධියට නිබන්ධනය කළේ ස්ත්‍රී නිමිත්ත ගැනද කියලා.” අධ්‍යාපන ඇමැතිවරයාද ඊට පිළිතුරක් දීමට උත්සුක නොවීය.

සබැඳි පුවත්

රොහීණීට, සුසිල් කුණුහරුප කිව්වට පරීක්ෂණයක් ! (වීඩියෝ)

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved