Connect with us

පුවත්

සූදු බදු පනත් කෙටුම්පත සලකාබැලීම කල් යයි 

Published

on

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී – ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 07දා පැවැත්වුණි.

මෙහිදී ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර කැසිනෝ සඳහා  නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කාලරාමුවක් සකස්කරන තෙක් මෙම කෙටුම්පත සලකා බැලීම සතියකින් කල් දැමීම සිදු විය. 

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම පිළිබඳ මින් පෙර සාකච්ඡා වූ බවත් ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් සකස් කළ කාල රාමුවකට අනුව 2023 ජනවාරි 31 වන විට මෙම නියාමන අධිකාරියට කැබිනට් අනුමතිය ගැනීමට දින සැලැස්මක් සකස් කර දුන් බවත්ය. නමුත් එය සිදු වී නොමැති බවත් මේ නිසා නව දින සැලැස්මක් අවශ්‍ය බවත් එය සකස්කිරීම සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බවත් කමිටුව සඳහන් කළේය. මේ අනුව ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සතියකින් රැස්වීමට මෙහිදී තීරණය කෙරිණි.

එසේම 2021 අංක 30 දරන විසර්ජන  පනත යටතේ වන නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු විය.  

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, යූ. ජී. සුමිත් උඩුකුඹුර, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, කෝකිලා ගුණවර්ධන, ඉසුරු දොඩම්ගොඩ, සහන් ප්‍රදීප් විතාන, මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved