Connect with us

පුවත්

සොයිසා රෝහලේ විශ්මිත සැත්කමක්

Published

on

ගැබිනි මව්වරුන් තිස් දහසකගෙන් එක් අයෙකුට මුහුණ දීමට සිදුවන දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබේ.

ඉතා දුර්ලභ ගණයේ දරු උපතක් ශල්‍යකර්මයකින් සාර්ථකව සිදුකිරීමට මෙලෙස සිසේරියන් සැත්කමකට මුහුණ දුන්නේ කින්නියා ප්‍රදේශයේ පදිංචි මවක් ය.

කින්නියා ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් මීට සති කිහිපයකට පෙර ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් වන්නේ දුර්ලභ ගණයේ දරු උපතක් සඳහාය.

දරුවාගේ කලලය වර්ධනය වී තිබුණේ ගර්භාෂයෙන් පිට බඩවැල්වලට ඇලුණු වැදෑමහක වීම මෙහි තිබූ බැරෑරුම් තත්ත්වය බව වෛද්‍යවරුන් පවසයි.

වෛද්‍ය විද්‍යාවට අනුව මෙවැනි කලල පිහිටීමක් සිදුවීමේ සම්භාවිතාව 30,000 එකක් පමණ වන බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

එවැනි කලල පිහිටීමක් හරහා දරුවෙකු බිහිකිරීම මවගේ ජීවිතයට ගෙන දෙන්නේ විශාල අවධානමකි.

මෙම මව ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් වන විට ඇගේ කලලයට සති 28 ක් පිරී තිබුණු අතර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ මෙය දුර්ලභ ගණයේ දරු උපතක් වන බැවින් සැත්කම සාර්ථකව සිදුකිරීමට නම් ඇය කොළඹ ද සොයිසා රෝහලට මාරු කළ යුතු බවය.

ඒ අනුව මවගේ සති 28 ක් වූ කලලය සති 34 ක් දක්වා වර්ධනය වනතුරු දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ කොළඹ ද සොයිසා රෝහලේ නේවාසිකව රඳවාගැනුණි.

ඉන් පසු දරු උපත සඳහා වන සිසේරියන් සැත්කම අද (16) සාර්ථකව සිදුකළේය.

ඒ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හර්ෂනි ලියනගේ, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඉෂාන් ද සොයිසා, විශේෂඥ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න සහ කොළඹ ද සොයිසා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය විසිනි.

මෙම දරු උපත ඉතා දුර්ලභ අවස්ථාවක් වන බැවින් ශල්‍ය කර්මයේදී දරුවාට හා මවට ඇති විය හැකි ජීවිත අවදානම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන් දැරුවේ දැවැන්ත පරිශ්‍රමයකි.

වෛද්‍යවරුන් පවසන්නේ අලුත උපන් බිළිඳිය සහ මව ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවය.

(අද දෙරණ)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved