Connect with us

පුවත්

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නැති පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවතට

Published

on

දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු පැවසුවේ යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බෙහෝ පිරිසක් පොලිස් සේවයේ සිටින බවත් ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජකාරීන්වල නොයෙදෙන බවත්ය.

නමුත් මෙම ඇතැම් නිලධාරීන් එසේ සෞඛ්‍ය අපහසුතාවන්ගෙන් නොපෙළෙන බවද මේ නිසා නිරතුරුවම රාජකාරිය නිවැරදිව ඉටුකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් 4000ක් පමණ මේ වන විටත් පොලිස් සේවයේ සිටින බවයි.

මෙහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් දුන්නේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස්කොට අමාත්‍යාංශයට යොමු කරන ලෙසයි.

ඒ අනුව ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

එසේම මෙම වසරේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් විශ්‍රාම යන බවත් එබැවින් පොලිස් නිලධාරීන් 16000 ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වසරේ ඇති වන බවද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ය.

තවද පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව වාර්තා වී ඇති සිද්ධි පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

එසේම අන්තර්ජාලය භාවිත කරමින් පුද්ගල චරිත ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම කාරක සභාවේදී අවධානය යොමු විය.

එසේම අන්තරායකාරක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන වල වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved