Connect with us

පුවත්

හඳුන්ගොඩ ගැන CID විමර්ණයක්!

Published

on

මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව  ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධ වන්දි නඩුව සිංගප්පුරු අධිකරණයේ  විභාග කිරීම සම්බන්ධයෙන් යු ටියුබ් නාලිකාවක් හරහා අතිරේක සොලිසිට ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත්ම මහත්මීට අපහාස කළ බව කියන සිද්ධියක් ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරයකු වන දර්ශන හදුන්ගොඩ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

ඒ අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත් මහත්මීන්  ඊයේ  (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුවය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්  පරිසර සිදු වු හානියට වන්දි ඉල්ලා ශ්‍රි ලංකවේ අධිකරණය තුළ නඩු විභාග  කිරීමට පුළුවන් කම තිබියදී එය සිංගප්පූරු අධිකරණයේ සිදු කිරීම සම්බන්ධයෙන් සිය නම් සදහන් කරමින් දර්ශන හදුන්ගොඩ සිය යු ටියුබ් නාලිකාව හරහා විවේචනාත්මකව අපහාස කරමින්  ප්‍රකාශ  ඉදිරිපත් කර තිබු බව ට එම පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පුවත්

දේශබන්දුව ගෙදර යවන්න සජබ සහය

Published

on

By

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව අද (25) පැවති වැඩමුළුවකදී ප්‍රේමදාස මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කරනු ලැබුවේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

Published

on

By

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

Continue Reading

පුවත්

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved