Connect with us

පුවත්

හඳුන්නෙත්තිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Published

on

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ රුව සහ නම යොදාගෙන ව්‍යාජ වට්සැප් අංකයක් ඔස්සේ පුද්ගලයෙකු විදින් සිදුකරමින් යන මුදල් වංචාවක් පිළිබඳ අමාත්‍යවරයා අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමා හෝ ඇමතිවරු කිසිවකු මෙලෙස මුදල් ඉල්ලා නොමැති බව පැවසු හඳුන්නෙත්ති මහතා එලෙස මුදල් ලබා දුන් කෙනෙක් සිටිනම් දැනුවත් කරන ලෙසද අවධාරණය කර සිටියේය.

“මගේ නම පාවිච්චි කරලා මම හැටියටම පෙනී ඉන්න පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විදේශ රටවල් කිහිපයක මගේ නමින් ආධාර එකතු කරන්න පටන් ගෙන. විශේෂයෙන් වට්ස්ඇප් ගෲප් පාවිච්චි කරනවා. ජපානයේ, දකුණු කොරියාවේ, එංගලන්තයේ වගේ රටවල අපිට හිතවත් අයට කතා කරලා තියෙනවා.” 

“පළවෙනි තත්පර කිහිපයේ වීඩියෝ කෝල් එකකුත් ගන්නවා. අපැහැදිලි ලෙස… අසනීපයි කියලා, කටහඬ අපැහැදිලි කියලා. ඔහු කියන්නේ ආධාර ලබාදෙන්න කියලා. ඒ වෙනුවෙන් ඔවුන් බැංකු ගිණුම් කිහිපයකුත් ඉදිරිපත් කරලා තියෙනවා.” 

“අපිට දැනගන්න ලැබුණු තොරතුරු තමයි මේ තියෙන්නේ. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ තොරතුරු ලබාදුන්නා.” 

“රටේ ජනතාවගෙන් සහ විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මම හෝ අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු කිසිම කෙනෙක් මේ ආකාරයට කතා කරලා මුදල් ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලනවා නම් වගකිවයුතු සංවිධාන හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙවැනි මුදල් ගෙවීම් කිසිම ආකාරයකින් ගෙවන්න එපා.”

“මොකද අපිට ආදරය අය, රටට ආදරය අය මේ ආකාරයේ මුදල් ගෙවීම් කරනවා ඇති. එහෙත් මේක අපරාධයක්.”

“අදාළ පුද්ගලයා බය නැතුව මේ දේ කරනවා.. වීඩියෝ කෝල් එකකුත් ඔහු ගන්නේ ඒකයි. ජනවාරි 5 වනදා විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා පාක්ෂිකයින් සමග සූම් තාක්ෂණය ඔස්සේ සුහද ජන හමුවක් පවත්වන බවටත් පණිවුඩයක් ප්‍රචාරය කරලා. එහි මගේ අත්සන පාවිච්චි කර තිබෙනවා. සීල් එක, ලිපි ශීර්ෂය, මගේ පින්තූර සියල්ල පාවිච්චි කරලා. ඔහු පාවිච්චි කරපු දුරකථන අංකය තමයි 0743 86 87 28.”

“අපි වගේ මහජන නියෝජිතයන්වත් මේ විදියට පාවිච්චි කරනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ව කොච්චර අපහසුතාවයට පත් කරනවා ඇද්ද?. දන්න කියන කෙනෙක් වෙන්නත් පුළුවන්… නොදන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.  ඒත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපි දන්න අයට තමයි කතා කරලා තියෙන්නේ. අනෙක් අයට

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved