Connect with us

පුවත්

හමර් ප්‍රශ්නය CIDයට යයි!

Published

on

නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදී තිබේ.

ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස්පතිවරයාට කළ දැනුම් දීමක් මතයි.

අදාළ රථය පසුගිය වසරේ පෙබරවාරි 22 වැනි දා නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මීට පෙර වාර්තාවක් කැඳවා තිබු අතර එම වාර්තාවේ නිර්දේශ මත මෙම පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

පුවත්

ජනපතිගේ අවසන් ජන රැලිය – කොස්ගස් හංදියේ (සජීව)

Published

on

By

ජනපතිවරණ ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේවන විට කොළඹ කොස්ගස් හංදියේදී පැවැත් වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය.

Continue Reading

පුවත්

සමගි ජනබල වේගයේ අවසන් ජන රැළිය – කොළඹ (සජීවී)

Published

on

By

සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍ර‍ේමදාස මහතා සහභාගිවන අවසන් ජන රැළිය පංචිකාවත්ත පාර ටවර් හෝල් රඟහල ඉදිරිපිටදී මේවන විට පැවැත්වෙමින් තිබේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැලිය – කැස්බෑවේදී (සජීවී)

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේ වනවිට කැස්බෑවේදී පැවැත්වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved