Connect with us

පුවත්

හම්බන්තොට නිර්වින්දන වෛද්‍යවරියත් නොදන්වාම රට ගිහින්

Published

on

හම්බන්තොට දිස්ත්‍රික් මහ රොහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම වෛද්‍යවරිය ඉකුත් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිට ඇති අතර ඇය 13 වැනිදා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. 
ඇය විදෙස්ගත වූ බවට පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් රෝහල් බලධාරින්ට දන්වා ඇත.

කෙසේ වුවද මෙම වෛද්‍යවරිය විදෙස්ගත වී ඇත්තේ කිසිදු විදෙස් නිවාඩු අනුමත කරවාගැනීමකින් තොරව බව වාර්තා වේ. 
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩි සත්කාර 2ක් ක්‍රියාත්මක වන අතර දැනට රෝහලේ සේවය කිරීමට සිටින්නේ එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු පමණි.

හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ඉකුත් වසරේ අගෝස්තු 12 වැනිදා මේ ආකාරයටම හදිසියේ විදෙස්ගතව තිබිණි. 
ඔහු දින කිහිපයක නිවාඩුවක් ලබාගන්නා බව දන්වමින් විදෙස්ගතව තිබූ අතර පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් මේ බව රෝහල් බලධාරින්ට දන්වා තිබිණි. 
ඔහු විදෙස්ගත වූ පසු රෝහලේ ශල්‍යකර්ම කිරීමේදී දැඩි අසීරුතාවකට රෝහල් බලධාරින් මුහුණ දුන් අතර ඉන් පසුව රෝහලට වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත්කර එවා තිබුණි. 
පෙරේදා හදිසියේ විදෙස්ගත වී ඇත්තේ එලෙස පත්ව ආ විශේෂඥ වෛද්‍යවරියකි.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ සුරංග උබේනායක මහතා මාධ්‍යට පවසා ඇත්තේ පවතින තත්ත්වයන් යටතේ රෝහලේ ශල්‍යකර්ම සීමා කිරීමට සිදුවන බවයි. එමෙන්ම දැනට රෝහලේ සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා යටතේ සතියේ දිනවල පමණක් ශල්‍යකර්ම කිරීමට සිදුවනු ඇති බවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලක රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති බව ද වාර්තා වේ. 
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් තංගල්ල, තිස්සමහාරාම, වලස්මුල්ල යන මූලික රෝහල් තුනම වෙනුවෙන් රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු සිට ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ පමණි. 
දැනට මාස තුනකට අධික කාලයක් තිස්සේ හම්බන්තොට මහ රෝහලේ එම වෛද්‍යවරයාගේ පුරප්පාඩුවක් පැවතීම හේතුවෙන් සමස්ථ දිස්ත්‍රික්කයේම රුධිර පාරවිලයන කටයුතුවලට බාධා සිදුව ඇති බවද වාර්තා වේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved