Connect with us

පුවත්

හරක්කටාගේ නඩුව කැඳවද්දී විනිසුරු තීන්දුවෙන් මාධ්‍යවේදීන් එළියට

Published

on

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (23) විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී එම නඩුව වාර්තා කිරීමට පැමිණ සිටි අධිකරණ මාධ්‍යවේදීන් ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කලේය.

අධිකරණ ශාලාව භාර පොලිස් නිලධාරීයා විසින් සියලුම මාධ්‍යවේදීන් හට පිටව යන ලෙස පවසා කිසිම මාධ්‍යවේදියෙකු හට අධිකරණ ශාලාව අසලටවත් යාමට ඉඩ ලබා දී නැත.

එම නඩුවේ පැමිණිල්ල මෙහෙය වන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා හරක්කටා ⁣සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් කිරීමට යන බැවින් අධිනීතිඥවරයාගේ ඉල්ලීමක් අනුව විනිසුරුවරයාගේ නියෝගය පරිදි එලෙස මාධ්‍යවේදීන් ඉවත් කිරිමට කටයුතු කළ බව එම පොලිස් නිලධාරියා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කලේය.

ස්ත්‍රී දුෂණ නඩුවක් හෝ ළමා අපචාර නඩුවක් විභාග වන අවස්ථාවක දි බාහිර පාර්ශ්වයන් ඉවත් කර නඩුව පැවැත්වීමට අධිකරණයට බලයක් ඇතත් එවන් සුවිශේෂී තත්ත්වයක් නොමැති අවස්ථාවක දී මාධ්‍යවේදීන් ඉවත් කර රහසිගතව කරුණු දැක්වීමක් ඒ සඳහා අවසර ලබාදීමත් ගැටලුසහගත බව අධිකරණ මාධ්‍යවේදීන්ගේ අදහසය.

සුවිශේෂී අවස්ථාවක් හෝ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන තත්ත්වයක් යටතේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අධිකරණ මාධ්‍යවේදීන් අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා හා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කිරීමට අධිකරණ මාධ්‍යවේදීන් කටයුතු කිරීමට සූදානම් බව ද වාර්තා වේ.

එලෙස මාධ්‍යවේදීන් ඉවත් කර නඩුව ආරම්භ කළ අතර එම නඩුවට කිසිදු සම්බන්ධයක් නැති නීතිඥවරු සහ බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණ ශාලාව තුළ රැඳී සිටීමට අවසර දුන් අතර වෙනත් නඩු සඳහා පැමිණි පුද්ගලයින්ට හා පොලිස් නිලධාරීන්ට අධිකරණ ශාලාවට ඇතුල් වීමට අවසර හිමිවුණේ නැත.

හරක්කටා නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිය ද ඉන් පලා යාමට සැලසුම් කිරීම හා අනුබලදීම චෝදනා යටතේ නදුන් චින්තක, මේ වනවිට රටින් පලා ගොස් සිටින පොලිස් නිලධාරියෙකු හා හරක් කටාගේ රියදුරු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

නීතිඥ සංජය ආරියදාස හා නීතිඥ අසේල මුතුමුදලිගේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි බවත් වාර්තා වේ.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved