Connect with us

පුවත්

“හරක් කටාට” කෝල් ගත්ත 6ක් අල්ලයි

Published

on

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 06 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුන් 6 දෙනා නඳුන් චින්තක නොහොත් හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සම්බන්ධ‍ෙන් සිදු කරන විමර්ශනවලට අනුව ‍මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

ඊ‍යේ (12) දහවල් වැලිගම හා අතුරුගිරිය යන ප්‍රදේශවල දී ‍මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24, 27, 32, 38, 39 සහ 43 යන වයස්වල පසු වන වැලිගම, දික්වැල්ල හා  අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුන් ය.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුවත්

ජොනී පොහොට්ටුවේ මෙහෙයුම් ප්‍රධානියා කරයි

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුව මහතාව පත් කර ඇතැයි වාර්තා වේ.

මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වී තිබිණි.

Continue Reading

පුවත්

විභාග කොමසාරිස් තැනට මුල්වරට කතක්!

Published

on

By

නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත්ව තිබේ.

ඇය මෙරට 11 වැනි විභාග කොමසාරිස් ජනරාල්වරිය වන අතර ඇය එම තනතුර සඳහා පත්වූ පළමු කාන්තාව වීම විශේෂත්වයකි.

මාපලගම මධ්‍ය මහ විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා රුහුණ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය හා පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද අනතුරුව ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද හිමිකර ගෙන තිබේ.

වර්ෂ 1998දී ගුරු වෘත්තියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ විභාග දෙපාර්තමේන්තුවේ වසර 4ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු විභාග කොමසාරිස්වරියක ලෙස සේවය කරමින් සිටියාය. 

විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය පසුගියදා අවසන් වීමත් සමඟ එම තනතුර සඳහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් වූවාය.

Continue Reading

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved