Connect with us

පුවත්

හරක් කටාට ප්‍රයිවට් ජෙට්එක දී ඇත්තේ LTTEයෙන් !

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින හරක් කටා සහ කුඩු සළිඳු යන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාට ඩුබායි සිට මැඩගස්කරයට යාමට පුද්ගලික ජෙට් යානයක් සපයා දී ඇත්තේ එල්.ටී.ටී.ඊ. ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඉන්දික බණ්ඩාර හෙවත් හර්බී නමැති පුද්ගලයකු විසින් යැයි අනාවරණය වී තිබේ.

හර්බි නමැති මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ප්‍රභූ ඝාතන හා ප්‍රභූ ඝාතන සැලසුම් සඳහා අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය සැපයීමේ චෝදනාවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්ව අධිකරණය හමුවේ වරදකරු වූ අයකු බවද අනාවරණය වී තිබේ.

මෙරට අපරාධ ගණනාවකට සම්බන්ධ නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂිත හෙවත් කුඩු සළිදු ඇතුළු පිරිසක් පුද්ගලික ජෙට් යානයකින් ඩුබායි සිට මැඩගස්කරයට පැමිණ සිටියදී එරට ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය මාර්තු 01 වැනිදාය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙපළ මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන දින 90 ක රැඳවුම් නියෝගයක් ගනිමින් ප්‍රශ්න කරමින් සිටිති.

එම ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුඩු සළිඳු පිළිබඳ වාර්තාවක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. 

එම වාර්තාව මගින් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මොවුන් මැඩගස්කරයට පැමිණි ජෙට් යානය ගැන හෙළිකර තිබිණි.

එමෙන්ම කුඩු සළිඳු හරක් කටා ඇතුළු මිතුරන් පිරිසක් සමගින් මැඩගස්කරයට පැමිණ ඇත්තේ, තම විදෙස් ජාතික බිරිඳට දාව උපන් දරුවාගේ ආගමික වතාවත් සඳහා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අවධාරණය කර තිබිණි.

මීට අමතරව හරක් කටා අවස්ථා දෙකකදී මෙරටට හෙරොයින් කිලෝ ග්‍රෑම් 645ක්, නීති විරෝධී ගිනි අවි 3ක්, AK-47 වර්ගයේ ගිනි අවි 05ක් හා එම උණ්ඩ 1000ක් මෙරටට එවීමේදී අත්අඩංගුව ගෙන තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කර තිබිණි.

මෙරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර පොලිසිය මගින් ඉන්දියානු රජයෙන් කරන ලද විමසීමකදී ද අනාවරණ වී ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරුවන් LTTE සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති බවය.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්

හරක් කටා හා කුඩු සළිඳු ලංකාවට; මරන්න එපා යැයි ආචනයක්

හරක් කටා හා කුඩු සළිදු නිසා කටුකායක ආරක්ෂාව තරකරයි (ජායා)

හරක් කටා හා කුඩු සළිඳු ලංකාවට ගෙනෙයි!

හරක් කටා හා කුඩු සළිඳු ලංකාවට ගේන ගුවන් යානය මඟ හැරිලා!

හරක් කටා, කුඩු සළිඳු ඇතුළු 8ක් මැඩගස්කරයේදී අත්අඩංගුවට!

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved