Connect with us

පුවත්

හරක් කටා ගේන්න පාකිස්තානු ජාවාරමුන් හා හැප්පෙන්න ජනපති තීන්දු කරයි

Published

on

හරක් කටා ගේන්න පාකිස්තානු ජාවාරමුන් හා හැප්පෙන්න ජනපති තීන්දු කරයි

නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සළිඳු  යන මත්ද්‍රව්‍ය ජාවාරමුන් මැඩගස්කරයේ සිට මෙරටට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් මෙරටට දැනුම් දීමෙන් පසුවය.

වහාම මෙම පිරිස මැඩගස්කර් සිට මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත තබාගෙන ඉදිරි විමර්ශන කිරීමට පියවර ගන්නැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ඊයේ (07) පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයේදී උපදෙස් දී තිබේ.

හරක් කටා ඇතුළු පිරිස මැඩගස්කර් ආරක්ෂක අංශ වෙත මුදල් ගෙවා මුදාගැනීම සඳහා පාකිස්ථාන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඊයේ (07) වනවිටත් මෙහෙයුම් අරඹා තිබුණු බවද අනාවරණය වී ඇත.

මේ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන තුනක් ඩුබායි සිට මැඩගස්කරය වෙත යවා ඇතැයි නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වන බන “අරුණ” පුවත් පත වාර්තා කර තිබේ.

හරක් කටා ඇතුළු පිරිස මුදාගැනීම සඳහා ප්‍රංශයේ සිට නීතිඥවරයකුද පිටත් කර යවා ඇතැයි හෙළිවී ඇත.

මේ පිරිස කොටුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙරට ඉන්ටර්පෝල් ශාඛාව දිගින් දිගටම ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය ලබාදුන් තොරතුරුවලට අනුව බවද එම පුවත්පත වාර්තා කර ඇත.

මේ අනුව ඊයේ (07) වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මැඩගස්කරයට යවා මෙම පිරිස මෙරටට ගෙන ඒම සම්බන්ධවද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි පැවසේ.

ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායද යැවීමට තීරණය වී ඇති බව පැවසේ.

කලාපීය වශයෙන් තර්ජනයක් වූ මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වූවන් ඉරාන් හා පාකිස්ථාන් අන්තවාදී කණ්ඩායම් සමග පවත්වාගෙන යන සබඳතා පිළිබඳව ආසියාතික රටවල්ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ජාත්‍යන්තර පොලිසිය හා මැඩගස්කර රජය දැනුවත් කර ඇත.

ඒ අනුව මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට භාරදීමට තීරණය කර තිබෙන බවද පැවසේ.

හරක් කටා ඇතුළු පිරිස මැලේසියාවට යාමේ අදහසින් මැඩගස්කරයට පැමිණි බව දැනට කෙරෙන විමර්ශනවලදී හෙළිවී ඇත. 

මැලේසියාවට පැන ගොස් යුරෝපයට හෝ වෙනත් රටකට පැන යාම අරමුණ බව හෙළිවී තිබේ. 

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්කුඩු ජාවාරමුන් හා පාතාලයන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මගින් මෙරටට භාර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබිණි.

ඒ අතරේ ඩුබායිහි සිටින ජාවාරම්කරුවන් වෙනත් රටවලට පැන යාමට සැලසුම් කර ඇතැයි ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.

පුද්ගලික ජෙට් යානාවකින් ධන කුවේරයකු ලෙස හරක් කටා ඇතුළු පිරිස මැඩගස්කරයට පැමිණ තිබිණි. 

හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයෙන් ඩුබායි සිට මැඩගස්කරය වෙත හරක් කටා පැමිණ ඇත. 

මොහු ඉකුත් වසරේ අගෝස්තු 19 වැනිදා එක්සත් අරාබි එමීර් අත්අඩංගුවට ගත්තේ රොෂාන් ඉසංක නමින් සැකසූ ගුවන් ගමන් බලපත්‍රයෙන් විදෙස්ගත වීමට උත්සාහ කරමින් සිටියදීය.

නඳුන් චින්තක හෙවත් හරක් කටා නමින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළද ඔහු රොෂාන් ඉසංක නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසාගෙන ඇතැයි ජාත්‍යන්තර පොලිසියේ දත්ත ගබඩාව යාවත්කාලීන කිරීමට මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

හරක් කටා සමග මැඩගස්කරයට ගිය පිරිසට ඉතියෝපියානු ජාතික අමෛතු මොහොමඩ් නූර් නමැති කාන්තාවක්ද සිටින අතර ඇය හරක් කටාගේ බිරිඳ ලෙස පෙනී සිට ඇත. 

හේරත් දිසානායකගේ මාසෙල් එතැෂ් නමැති අවුරුද්දකුත් මාස නවයක් වයසැති හරක් කටාගේ දරුවාද සිටින බව හෙළිවී තිබේ.

මේ පිරිසට රාජේෂ් රාජරාම් නමැති ඉන්දියානුවෙක්, ෆ්‍රැක්තෙවිස් පීටර්ස් නමැති දකුණු අප්‍රිකානු ජාතිකයකුද සිටිති. 

පානදුර රෝහල ළඟදී ගිලන් රථ රියැදුරකුට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනකුද මෙම පිරිස අතර සිටින අතර එක් අයෙක් සරත් කුමාර ලෙස හඳුනාගෙන ඇත.

සබැඳි පුවත්

හරක් කටා, කුඩු සළිඳු ඇතුළු 8ක් මැඩගස්කරයේදී අත්අඩංගුවට!

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved