Connect with us

පුවත්

හරක් කටා පන්නන්න භාවිත කළ දුරකථන 2ක් සොයාගනියි 

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  රැඳවුම් නියෝග මත රඳවා සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා පැන්නිමේ අසාර්ථක මෙහෙයුමේ දී කොස්තාපල්වරයා පරිහරණය කළ ජංගම දුරකථනය සහ මෝටර් රථය පැදවූ සැකකාර රියැදුරු පරිහරණය කළ ජංගම දුරකථනය  කඩවත  ශ්‍රමදාන මාවතේ හෝටලයක් ඉදිරිපිට කසළ ගොඩක පුළුස්සා තිබියදී අද (29) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

ඉකුත් 10 වැනිදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පලා ගිය කොස්තාපල්වරයා තේ පානයට පෙර සැත්කම්වලදී රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා සහ මානසික රෝගීන් සඳහා භාවිතා කරන  ඖෂධ වර්ග කලවම් කර සාදන ලද කිරිටොපි ලබාදී  මත්කර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ මෙහෙයුම සඳහා  ආධාර අනුබල දීමට සෘජුවම සම්බන්ධවී එය  අසාර්ථක වීමෙන් අනතුරුව  ඔහු පළාගොස් අදට දින 20ක් බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ  කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒකක 1 එක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  එස් පි ඩි ජි නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක්   හරක් කටා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ඒමෙන් අනතුරුව  ඔහුව රැගෙන යාම සඳහා ඉකුත් 10 වැනිදින  මෝටර් රථයේ    රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ සහායකයා වැලිගම මුහුදු පාරෙදි  අත්අඩංගුවට ගනු ලැබීය

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ වැලිගම  ඉබ්බාවල  ප්‍රදේශයේ පදිංචි  මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ දිනේෂ් තරංග යන සැකකරු සහ අනෙක් සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ රදවාගෙන ප්‍රශ්න කිරීමේදී  අනාවරණය වූ තොරතුරු අනුව ඉකුත් 10 වෙනි දින කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට දිව ගෙන පැමිණෙන අවස්ථාවේදී සිට කඩවත දක්වා මෝටර් රථයෙන් යන අවස්ථාව දක්වා  මිදිගම රුවන් නමැත්තා සමඟ සම්බන්ධ වූ දුරකථනය මෙන්ම රියදුරු වන  සැකකරු මිදිගම රුවන් නමැත්තා සමඟ සම්බන්ධ වූ දුරකතනය කඩවත අධිවේගී මාර්ගයට පිවිසෙන මාර්ගයේ තිබෙන ශ්‍රමදාන මාවතේ  හෝටලයක් අසල කසල ගොඩක දමා ගිනි තැබූ බවට ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක්  සිදු කළ සෝදිසි මෙහෙයුමකදී  අඩක් පිළිස්සී තිබූ දුරකථන දෙක සොයා ගැනීමට හැකි වූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය

එම ජංගම දුරකථන දෙක  සොයාගන්නා අවස්ථාවේ  ඉතා කුඩා කොටසක් පමණක් පිළිස්සී තිබූ බැවින් විමර්ශන සඳහා යොදාගෙන වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර කරගැනීමට කර ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

බස්නාහිර පළාත් පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු  අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වා ද මහත්වරුන්ගේ උපදෙස් මත ඒකක 1 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි ඩි ජේ නිශාන්ත  පොලිස් පරීක්ෂක මහේෂ්  මහේෂ් ,උප පොලිස් පරීක්ෂක මහේෂ්  කොස්තාපල්වරුන් වන 90311 සංජීව 100332 විජේකෝන් 104013 කුමාර 104006 වීරසිංහ  11509, චතුරංග මහත්වරුන්  පරීක්ෂණ පවත්වයි.

(ලංකාදීප)

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved