Connect with us

පුවත්

හරක් කටා හා කුඩු සළිඳු ලංකාවට ගේන ගුවන් යානය මඟ හැරිලා!

Published

on

පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ  අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ පානදුර සළිදු ලක්ෂිත හෙවත් කුඩු සළිඳු යන දෙදෙනා ඊයේ (14) අලුයම මෙරටට රැගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් ගමන් ප්‍රමාදයක් හා ගුවන්යානය මඟහැරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාව මෙරටට ගෙන එන්නේ අද (15) දිනයේ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව මැඩගස්කරයේ සිට හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන එමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ටත් මැඩගස්කර පොලිසියේ නිලධාරීන් දෙදෙනාටත් හරක් කටා සහ කුඩු සළිඳුට දැඩි ආරක්ෂාවක් ලබා දෙමින් ඊයේ (14) දිනයේ රැඳී සිටීමට සිදුව ඇත්තේ ඉන්දියාවේ මුම්බායිහිදීය.

ඒ සඳහා මුම්බායි පොලිසියෙන් විශාල සහායක් ලබා දී ඇතැයි ද පැවසේ.

එම සහාය ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය මඟිනි.

මාර්තු 01 වැනිදා සිට මැඩගස්කර ආරක්ෂක අංශ භාරයේ සිටි හරක් කටා සහ කුඩු සළිඳු මෙරටින් ගිය සිව් දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් භාරගෙන ඇත්තේ පසුගිය 13 වැනිදාය. 

හරක් කටා සහ කුඩු සළිඳුව මෙරටට රැගෙන ඒමේ කටයුත්තට මැඩගස්කර පොලිසියේ නිලධාරීන් දෙදෙනකුද සම්බන්ධ වී සිටින බව වාර්තා වේ. 

එම නිලධාරීන්ගෙත් ආරක්ෂාව සහිතව මැඩගස්කරයේ සිට මෙම අපරාධකරුවන් දෙදෙනාව ගුවන් මඟින් මුලින්ම රැගෙන ගොස් ඇත්තේ කෙන්යාවට බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

කෙන්යාවේ සිට ඩුබායි ගුවන්තොටුපොළ ඔස්සේ ඔවුන් දෙදෙනාව මෙරටට රැගෙන ඒමට මුලින් සැලසුම් කර තිබුණත් ඔවුන් දෙදෙනාට ඩුබායිහි රැඳී සිටීමට වීසා ඇති බැවින් සහ තවත් සුවිශේෂ කරුණු කිහිපයක් මත අවසාන මොහොතේ සැලසුම් වෙනස් කර ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට රැගෙන ඒමට තීරණය වී ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කළේය. 

ඒ අනුව කෙන්යාවේ සිට පෙරේදා (13) ඉන්දියාවේ මුම්බායි වෙත හරක් කටා සහ කුඩු සළිඳුව රැගෙන ගොස් තිබිණි. 

කෙන්යාවේ සිට මුම්බායි පැමිණි ගුවන්යානය අනපේක්ෂිත ලෙස ප්‍රමාද වීම හේතුවෙන් මුම්බායි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන්යානය මෙම පිරිසට මඟහැරී ඇති බවද එම තොරතුරු අනාවරණය කළේය. 

ඒ අනුව ශ්‍රී ලංකාවට මුම්බායි සිට පැමිණීමට නැවත ගුවන් ගමනක් සැලසුම් කිරීමට සිදුවී ඇති බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්

හරක් කටා හා කුඩු සළිඳු ලංකාවට; මරන්න එපා යැයි ආචනයක්

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved