Connect with us

පුවත්

හරක් කටා හා කුඩු සළිඳු ලංකාවට; මරන්න එපා යැයි ආචනයක්

Published

on

Update – පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ  අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ පානදුර සළිදු ලක්ෂිත හෙවත් කුඩු සළිඳු යන දෙදෙනා අද (15) දිනයේදී මෙරටට රැගෙන එන බව පොලීසිය පවසයි.

ඔවුන් දෙදෙනාව ඊයේ (14) දිනයේදී මෙරටට ගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් යානා ප්‍රමාදවීම හේතුවෙන් ගෙනඒමට හැකිවී නොමැත.

මොවුන් දෙදෙනා මෙරටට රැගෙන ඒම සදහා ඉකුත් 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු, විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුලු කණ්ඩායමක් මැඩගස්කරයට ගොස් තිබිණි.

මොවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වීමට බලධාරීන් තීරණය කර ඇති බවද මේ අතර වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කාවින්ද පියසේකර යන මහත්වරු සමඟ ඊයේ (13) සවස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම පාතාල අපරාධකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැර වෙන කිසිදු විමර්ශන කණ්ඩායමකට භාර නොදීමට ද මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති බව පැවසේ.

කෙසේවුවද, විමර්ශන කණ්ඩායමකට සිය විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කල්තියා ලබා ගන්නා අවසරයක් මත මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබාදීමට ද එහිදී තීන්දුකර තිබේ.

ඒ අනුව එම ප්‍රශ්න කිරීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය ඇතිව සිදු කිරීමට ද තීන්දු කර ඇත.විශේෂ ආරක්ෂාවක්..

හරක් කටා සහ කුඩු සළිඳුගේ ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට පොලිස් බලධාරීන්ගේ විශේෂ අවධානයක් ද යොමු කර ඇති බව පැවසේ.

මොවුන් දෙදෙනා පොලිසියේ දූෂිත නිලධාරීන් කිහිප දෙනකු සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වා ඇති බවට වූ බුද්ධි අංශ තොරතුරු හේතුවෙන් මේ තීන්දුව ගෙන ඇතැයි වාර්තා වේ.

හරක් කටා සහ කුඩු සළිඳු ගැන කෙරෙන විමර්ශනවලින් හෙළි වන තොරතුරු මත එම නිලධාරීන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී විමර්ශන පැවැත්වීම කෙරෙහි ද පොලිස් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවද පැවසේ.

මොවුන් සමඟ අපරාධකරුවන් 06 දෙනෙක් මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුව ගෙන තිබිණි.

මෙම පාතාල අපරාධකරුවන්ට අමතරව හරක් කටාගේ බිරිඳ යැයි පෙනී සිටි විදේශීය කාන්තාවක් ද ඇගේ පියා බව කියන පුද්ගලයෙක් ද සිට ඇත.

මෙම පිරිස එරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඒ බව මෙරටට දැනුම්දී තිබුණි. 

එහිදී ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර සිටින හරක් කටා සහ කුඩු සළිඳුව ජාත්‍යන්තර නීතියට අනුව මෙරටට භාර දීමට මැඩගස්කරය ආරක්ෂක අංශ එකඟතාවය පළ කර තිබුණි. 

ඒ අනුව පසුගිය 11 වන සෙනසුරාදා මැඩගස්කරය බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේත් නිලධාරීන් සිවු දෙනෙක් මෙරටින් පිටත්ව ගිය අතර, ඊයේ (13) ඔවුන් හරක් කටාවත් කුඩු සළිඳුවත් සිය භාරයට ගෙන තිබුණි.මැඩගස්කර පොලිසියේ 2ක් ද මෙහෙයුමේ..

මොවුන් රැගෙන ආ මෙහෙයුමට මැඩගස්කරයේ පොලිස් නිලධාරීන් දෙදෙනකුද එක්ව සිටි බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මැඩගස්කරයේ සිට ඔවුන්ව මැදපෙරදිග කලාපයේ ගුවන්තොටුපොළක් වෙත රැගෙනවිත් තිබුණේ අප්‍රිකානු කලාපයේ රටක ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකිනි. 

පැය කිහිපයක් මෙම පිරිසට මැදපෙරදිග කලාපයේ ගුවන්තොටුපොළක රැඳී සිටීමට සිදු වී තිබිණි. 

ඒ කාලය තුළ හරක් කටා සහ කුඩු සළිඳුව රඳවා තබාගෙන ඇත්තේ එම ගුවන්තොටුපොළ ආශ්‍රිත ආරක්ෂක කුටියක රඳවා බවද ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒ පැමිණෙන අතරතුර හරක් කටා සහ කුඩු සළිඳු බියෙන් වෙව්ලමින් සිටි බවත් මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන යනු ඇතැයි නොසිතූ බවත් පවසා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. 

එහිදී ඔවුන් සිය ජීවිතයට අනතුරක් නොකරන ලෙස එම නිලධාරීන්ගෙන් ආයාචනා පවා කර ඇති බව වැඩිදුරටත් එම තොරතුරු සඳහන් කළේය.

හරක් කටා සහ කුඩු සළිඳු සමඟ ඔවුන් සතුව තිබී මැඩගස්කරය ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගත් ජංගම දුරකතන ද ඔවුන් දෙදෙනා සමඟ මෙරටින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමට භාර දී ඇති බව ද මේ අතර වාර්තා වේ.

එම ජංගම දුරකතන ඔස්සේ හරක් කටාගේත් කුඩු සළිඳුගේත් මත්කුඩු ජාලය ගැන පමණක් නොව මෙරට ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිසියේ මෙන්ම තවත් බොහෝ අයගේ තොරතුරු සාක්ෂි සහිතව මතුකර ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළකරයි.

මූලාශ්‍රය – දිණමිණ

සබැඳි පුවත්

හරක් කටා ගේන්න පාකිස්තානු ජාවාරමුන් හා හැප්පෙන්න ජනපති තීන්දු කරයි

රක් කටා, කුඩු සළිඳු ඇතුළු 8ක් මැඩගස්කරයේදී අත්අඩංගුවට!

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved