Connect with us

පුවත්

හරක් කටා හා සම්බන්ධ පොලිසියේ 19 ක් ගැන SIU විමර්ශනයක් 

Published

on

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සමග සබඳතා පැවැත්වූයේ යැයි සැකකරණ පොලිස් නිලධාරීන් දහනව දෙනකු සම්බන්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) ඊයේ (03) සිට විමර්ශනයක් අරඹා ඇත.

මේ අනුව නිලධාරීන් දහ නව දෙනා අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු (SSP) ද සිටින අතර බහුතරය දකුණු පළාතේ සේවය කළ පොලිස් නිලධාරීන් බව පැවසේ.

මෙම පරීක්ෂණය අරඹා ඇත්තේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙරේදා (02) දුන් නියෝගයක් මත බව “අරුණ” පුවත්පත කියා සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටා ගැන විමර්ශනයේදී මෙම නිලධාරීන් ගැන තොරතුරු අනාවරණය වී ඇතත් හිටපු පොලිස්පතිවරයා යටතේ විමර්ශනයක් පවත්වා නැතැයි ද එම පුවත්පතේ වැඩිදුරටත් දැක්වේ.

මේ අනුව ඇරඹී ඇති විමර්ශනවලදී අදාළ පොලිස් නිලධාරීන්ගේ වත්කම් හා දේපොළ සම්බන්ධවත් දුරකථන ජාල පරීක්ෂාවන් ඔස්සේ සබඳතා පැවැත්වූ ආකාරයත් හරක් කටාගේ ජාවාරම්වල නිරතවූවන්ට ආරක්ෂාව සපයා දුන්නද යන්නද පිළිබඳවත් සොයා බැලීමට නියමිත බවද වාර්තා වේ.

පුවත්

අධිවේගී මාර්ගවලදී කාඩ්පත් ගෙවීම් අද සිට ඇරඹේ

Published

on

By

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවය.

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම්  අද සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට අනුව මෙය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද සිට දින 3ක් සේවක අර්ථසාධක අරමුදලේ සේවා නවතී

Published

on

By

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද (21) සිට තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා සේවා සැපයීම සිදුනොවන බවය.

කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම  සහ බී කාඩ් සංශෝධනය කිරීම දිවයිනපුරා කම්කරු කාර්යාලවල තාවකාලිකව අත්හිටුවනු ඇත.

අදාළ සේවාවන් ලබා ගැනීමට 011 2201201 දුරකථන අංකය මඟින් දිනයක් වෙන් කර ගන්නා අය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Published

on

By

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්  විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණක තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved