Connect with us

පුවත්

හර්බජන් හා ඉන්දීය ක්‍රීඩකයන් තුනකට දිල්ලි පොලිසියේ පැමිණිල්ලක් දාලා

Published

on

ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රචාරය කරන ලද වීඩියෝවකින් ආබාධ සහිත පුද්ගලයන්ට අපහාස කළේ යැයි චෝදනාව මත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන හර්බජන් සිං, සුරේෂ් රයිනා හා යුවරාජ් සිංට එරෙහිව නවදිල්ලියේ අමර් ජනපද පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය ආබාධිත පුද්ගලයන් සඳහා රැකියා ප්‍රවර්ධන ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ අර්මන් අලි විසින් මේ පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

චෝදනාලත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතරව තොරතුරු තාක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉන්ස්ටග්‍රෑම් පද්ධතිය මෙහෙයවන මෙටා ඉන්දියා ආයතනයේ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සන්ධ්‍යා දේවානාදන් මහත්මියට එරෙහිවද නඩු පවරන ලෙස පැමිණිල්ල ගොනුකර තිබේ.

පසුගියදා එංගලන්තයේ පැවති විස්සයි20 ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පාකිස්තාන ක්‍රිකට් පිල පරාජය කිරීමේ සතුට සමරමින් හර්බජන්, යුවරාජ් සහ රයිනා ‘ටවුබා ටවුබා’ ගීතයට කොර ගසන ආකාරය මවාපාමින් වීඩියෝවක් රූගත කොට ඇත. 

තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව විශ්‍රාමික ඔවුන්ගේ වයස්ගත ශරීරයට ඇති කරන බලපෑම මෙමඟින් පෙන්වීමට උත්සහගෙන ඇත. 

එහෙත් එහි සමාජ බලපෑම ආබාධ සහිත පුද්ගලයන්ට අපහාසයක් මෙන්ම සමච්චලයක් බව අමන් අලී පෙන්වා දී ඇත.

පැමිණිලිකාර පාර්ශවය කියා සිටින්නේ සමාජ මාධ්‍යවල වයිරල් වී ඇති මේ වීඩියෝවක් හරහා ආබාධිතයන් සමච්චලයට ලක් කිරීම සම්බන්ධයෙන් ඇති වූ කෝපය වැඩිවී ඇති බවයි.

එසේම ඉන්දියාවේ ‘කෝටි 10 කට වැඩි’ ආබාධිත පුද්ගලයන්ට ‘අපහාස කිරීම’ සහ ‘විහිළු කිරීම’ සම්බන්ධයෙන් මේ පැමිණිල්ල ගොනු කළ බවයි.

“හර්බජන් සිං පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු ආබාධිතයන් වෙනුවෙන් හඬ නැඟිය යුතු කෙනෙක්. නමුත් ඔහු කරන්නේ කුමන ආකාරයේ වීඩියෝවක්ද? ඉන්දියාවේ ආබාධිතයන් පිළිබඳ අවබෝධයක් ඔහුට නෑ. ඔවුන්ට විහිළු කරනවා, ඒ නිසයි මම පැමිණිල්ලක් දැම්මේ” අර්මන් අලි කියා සිටී.

මෙයට ප්‍රතිචාර දක්වමින්, හර්බජන් මතභේදාත්මක වීඩියෝව මකාදැමීමට පියවරගත් අතර, සමාජ මාධ්‍ය හරහා සමාව අයැදීමට කටයුතු කළේය. 

එයින් කිසිවකුගේ සිත් රිදවීමට අදහස් නොකළ බවත්, තරගාවලිය වෙනුවෙන් දින 15ක් ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය පෙන්වීමට කළ විහිළුවක් පමණක් බවත් හර්බජන් කියා සිටී.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved