Connect with us

පුවත්

හරි හරන්ගේ ප්‍රසංගය ගැටුමකින් හමාර වෙයි (වීඩියෝ)

Published

on

ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එම ප්‍රදේශයේ අධික තදබදයක් හා පොලිසිය අතර ගැටුම් ඇතිව ඇතැයි වාර්තා වේ.

ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස පොලිස් රැකවල් නොතකා ප්‍රසංග භූමියට ඇතුළු වීමට උත්සාහ කිරීම නිසා මේ තත්ත්වය තවත් වර්ධනය වී ඇතැයි පැවසේ.

ඒ හේතුවෙන් ඇති වූ තදබදයත් සමග පුද්ගලයින් කිහිපදෙනෙකුට තුවාල සිදු වී ඇති බවද මාධ්‍ය වාර්තා කර ඇත.

පසු ව පොලීසිය මැදිහත් ව එම තත්ත්වය නිරාකරණය කර තිබේ.

දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක් ද ප්‍රසංගයට සහභාගි වූ බව සඳහන් ය.

වීඩියෝ අනුග්‍රහය – Capital News

පුවත්

දේශබන්දුට මාතරින් නියෝගයක්

Published

on

By

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

By

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved