වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාගේ සොයුරියගේ නිවසට ඇතුළු වී රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ හතළිස් පන්දහසක් වටිනා රන් හා දියමන්ති ආභරණ තොගයක් සොරා ගත් පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (07) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 02 වැනිදා එම නිවෙසට ඇතුළු වූ මෙම පුද්ගලයා පැය දෙකක පමණ කාලයක් නිවසේ රැඳී සිටිමින් මෙම සොරකම සිදු කරනා අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබී ඇත.
මේ පිළිබඳ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයේදී හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 100ක් සමග පෑලියගොඩ වැලි පාර නිවසකදී ඊයේ (07) සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මොහු මීට පෙර අපරාධ රැසකට සම්බන්ධව සිටි මංගල නමැති 47 හැවිරිදි තැනැත්තෙකි.
සොරා ගත් ආභරණ සැකකරුගේ දියණියට භාරදී ඇති බවටත්, පසුදින ඇය විසින් ඒවා තම මව වෙත ලබා දී පසුව මව විසින් තම දියණියගේ ආභරණ බවට අඟවා යෙහෙළියකගේ නිවසේ ආරක්ෂාවට තබා තිබූ බවටත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරුගේ භාර්යාව සහ දියණිය අදාළ රන් හා දියමන්ති ආභරණ තොගය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු විසින් ඉන් වළලු තුනක් විකුණා තිබියදී ඒවාද සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
අදළ සැකකරුවන් තිදෙනා අද (08) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූලාශ්‍රය – අරුණ