Connect with us

පුවත්

හැඳුනුම්පත් ඡායාරූප ගාස්තුව ඉහලට

Published

on

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව 2016 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බව දන්වා ඇත.

2016 ගැසට් පත්‍රයේ සඳහන් වූ එම ගාස්තුව පැවතියේ රුපියල් 150ක් ලෙසයි.

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීමේදී අයදුම්කරුවන් ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු විසින් ලබා ගත් ඡායාරූප මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වේ.

මේ අතර ලබන ජනවාරියේ සිට ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ යටතේ ප්‍රථමයෙන් අලුතින් හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් කරන්නන් වෙත ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරන අතර පසුව ක්‍රමයෙන් සමස්ත ප්‍රජාවට ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දක්වා ඇත.

ක්‍රීඩා

හොංකොං සික්සස් ශූරතාව ලංකාවට

Published

on

By

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය.

මේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර 2007 වසරේදී මීට පෙර ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Continue Reading

පුවත්

තමුසේ මතක තියාගන්නවා, සීලරතන හිමි රන්ජන්ගෙන් ගේම ඉල්ලයි (වීඩියෝ)

Published

on

By

රන්ජන් රාමනායක අරගොල්ලෝ දාල තියෙන්නේ, සම්බුද්ධ ශාසනේ විනාශ කරන්නත්, සංස්කෘතිය විනාශකරන්නත් යැයි ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතත හිමියෝ පැවසූහ.

කොළඹදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

තමුසේ, වෙසඟනක් සේ සලකලා යශෝධරා දේවියට දොස් කියුවේ ඇයි දැයිද උන්වහන්සේ රන්ජන්ගෙන් ප්‍රශ්න සිටියහ.

උන්වහන්සේ සිද කළ සම්පූර්ණ කතාව පහතින්. 

වීඩියෝ අනුග්‍රහය – VoiceTUBE

Continue Reading

පුවත්

ඇමැති තොණ්ඩා ගියත් හරි ජලසම්පාදනේට මාසෙකට ලක්ෂ 30ක් ඉතුරුයි

Published

on

By

ජල සම්පාදන අමාත්‍යවරයාගේ කාර්යාලයේ වියදම්වලින් (පුනරාවර්තන) මේ වන විට මසකට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ඉතිරි වන බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයාගේ පාලන කාලයේ ඇමැතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන, ආහාරපාන ආදියට දැරූ වියදම් ඉතිරි වීමෙන් මෙම මුදල ශේෂ වී ඇති බවද පැවසේ.

හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස 20 දෙනකු සේවය කර ඇති බවද වාර්තා වේ.

පැවැති රජයේ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජීවන් තොණ්ඩමන් මහතාය.

මූලාශ්‍රය – දේශය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved