Connect with us

පුවත්

හැඳුනුම්පත මුල්වරට ගන්න එන 40 පැනපු අයට දඩය වැඩිවෙයි

Published

on

වයස අවුරුදු 40 ඉක්මවූවත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති පුද්ගලයකු එය ලබා ගැනීමේදී ගෙවීමට සිදුවන දඩ මුදල රු. 2500 දක්වා ඉහළ දමා ඇත.

පුද්ගලයකු නියමිත කාලය තුළ ජාතික හැඳුනුම්පතක් ලබා නොගැනීමේ වරද සමථයට පත් කිරීම සඳහා මීට පෙර අය කරනු ලැබුවේ රු. 250ක දඩ මුදලක් පමණි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ අත්සනින් යුතුව සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලිපියක් මගින් මේ බව දන්වා ඇත.

එහෙත් වැඩි වූ දඩ මුදල ගෙවීමට නොහැකි අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගෙන් පමණක් සංශෝධනයට පෙර අයකළ දඩ මුදල වන රු. 250 එලෙසම අය කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ. තමා අඩු ආදායම්ලාභී පුද්ගලයෙක්ද යන්න සම්බන්ධයෙන් වසමේ ග්‍රාම නිලධාරියාගේ නිර්දේශයක් මේ සඳහා අවශ්‍ය වේ.

ඒ අනුව රුපියල් 250ක දඩ මුදල අය කරන ලද කුවින්තාසිය සහ ග්‍රාම නිලධාරියාගේ නිර්දේශය ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත සමග අමුණා කඩිනමින් සිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

එමෙන්ම වයස අවුරුදු 40 ඉක්මවූ එහෙත් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් නොමැති පුද්ගලයන් මෙම වසරේ (2023) දෙසැම්බර් 31ට පෙර ඉල්ලුම්පත් යොමු කරන ලෙසද කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved