Connect with us

පුවත්

හැරිසන් කට්ටියක් එක්ක ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න එක්වෙයි

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව සමගි ජනබලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමා සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 100දෙනෙකු පමණ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්වන බවය.

සමගි ජනබලවේගය පක්ෂයේ බහුතරයක් ඉදිරි කාලය තුළ ජනාධිපතිවරයාට සහාය පළ කිරිමට එක්වනු ඇති බවද පී. හැරිසන් මහතා කියා සිටියේය.

“ප්‍රාදේශීය සභා තියෙන පාටක් පෙන්න නැහැ. පළාත් සභා මැතිවරණ තියෙන පාටක් නැහැ. තියෙනවානම් තියෙන්නේ ලබන අවුරුද්දේ ජුනි, ජුලිවල ජනාධිපති මැතිවරණයක්. ඒ් ජනාධිපති මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට අපි කොන්දේසියකින් තොරව උදව් කරන්න ලෑස්ති. මම තනතුරු බලාගෙන තාන්න මාන්න බලාගෙන නෙමෙයි, මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 40කට ආසන්න කාලයක් මේ පක්ෂයේ ක්‍රියාකාරීව හිටපු කෙනෙක්. ඒක නිසා මම තීන්දු කෙරුවා මමත් අපේ ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත්, ඒ වගේම තව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු  100ක් එක්ක තව සති දෙකකින් ඔබ තුමාලාගේ මධ්‍යට මම එන්න ලෑස්ති. ඒ විතරක් නෙමෙයි මම එකක් කියන්නම් තව පොහොය දෙකක් යන්න ඉස්සර වෙලා සමගි ජනබලවේගයේ  බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට යන එක නවත්තන් බැහැ. සමහර මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට  මූණ පෙන්නුවාට රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා  එක්ක සාකච්ඡා.”

පුවත්

රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Published

on

By



හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල මහතා විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට අදාළව එම දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපොළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

Continue Reading

පුවත්

රජයේ සියලු පාසල් හෙට නිවාඩු

Published

on

By

ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට හෙට (20) නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඒ අනුව පාසල් යළි ලබන 23 වනදා ආරම්භ කෙරෙන බවය.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද (19) පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.

Continue Reading

පුවත්

කුරුණෑගලත් වෙඩි තැබීමක්

Published

on

By

කුරුණෑගල – රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම වේ.

අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල සහ මිදිගම ප්‍රදේශ වලින් වන අතර, ඉන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved