Connect with us

පුවත්

හිටපු ඇමති අරුන්දිකගෙන් වංචාවක් ගැන පොලිසිය ප්‍රශ්න කරයි

Published

on

කාන්තාවක ඔස්ට්‍රේලියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ තිහක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාව පෙරේදා (09) මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශය වෙත කැඳවා පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා විදේශගතවන දිනයක තමාටත් ප්‍රභූ පර්යන්තයෙන් ගුවන් තොටුපළට ඇතුළු වන ලෙස අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් යැයි කියන තැනැත්තා දැනුම් දුන් බවත්, අමාත්‍යවරයාද විදේශගතවන දිනයේ තමාට ඇමතුමක් දුන් බවත් මෙම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ.

තමාට අමාත්‍යවරයා පසුපසින් පැමිණෙන ලෙස දැනුම් දුන්නද සකස් කර ඇති ලේඛනවල ගැටලුවක් නිසා තමාට ආගමන විගමන නිලධාරීන් ගමනට අවසර නොදුන් බවත් එම කාන්තාව පැමිණිලි කර ඇත.

ඇමැති සම්බන්ධීකරණ ලේකම් යැයි කියාගත් රොෂාන් සේනානායක නමැත්තා ඔහුගේ සහ අමාත්‍යවරයාගේ නමින් ඇති බැංකු ගිණුම් දෙකකට මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව ජනවාරි මසදී ගිණුම් දෙකට රුපියල් ලක්ෂ දාහතක් තැන්පත් කළ බවත් පැමිණිලිකාරිය සඳහන් කර ඇත.

ඊට අමතරව ඇමැති සම්බන්ධීකරණ ලේකම්ව තමාට හඳුන්වා දුන් මොහොමඩ් අලි නමැත්තාට රුපියල් ලක්ෂ දොළහක් අතට ලබාදුන් බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

තමාගෙන් මුදල් ලබාගෙන ඔස්ට්‍රේලියා යවන බවට පැවැසුවත් එය ඉටු නොවීමෙන් පසු මුදල් ඉල්ලා සිටිය බවත් එම මුදල් ගෙවීමට ප්‍රතිචාර නොදැක්වූ නිසා පැමිණිල්ල කළ බවත් මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයට පැමිණි බවත් වින්දිත කාන්තාව පැමිණිල්ල කරමින් සඳහන් කර ඇත.

මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශය මෙම චෝදනාවට ලක්වූ ඇමැති සම්බන්ධීකරණ ලේකම් යැයි කියාගත් පුද්ගලයා සහ බ්‍රෝකර්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තමන්ට ලද රුපියල් ලක්ෂ පහළවක මුදලක් රාජ්‍ය අමාත්‍යවරයාටත් ලබාදුන් බවට හෙළිකර ඇත.

මෙම චෝදනා සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයා කැඳවා ප්‍රකාශ ලබාගත් බවත්, වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවත් පොලිසිය පවසයි.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර ස්වාධීනව කටයුතු කරන බවද පසුගියදා ප්‍රකාශ කළ‍ේය.

මීට පෙර ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙරටට ඇතුළුවීමට උත්සහ කළ චීන ජාතිකු නිදහස් කිරීමට කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ලවිය.

සබැඳි පුවත්
4දා ස්වාධීන වූ අරුන්දික 5දා සන්ධාන උත්සවයේ !

අරුන්දික ස්වාධීන වෙයි 
අරුන්දික ඉල්ලන්නත් කලින් ඉලුක්පිටිය චීනා යවලා!

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved