Connect with us

පුවත්

හිටපු ඇමති ප්‍රසන්න හා ව්‍යාපාරිකයකු සොයා CID පරීක්ෂණ

Published

on

කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හා ව්‍යාපාරිකයකු වන සිංගප්පූරු සරත් නැමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගටම පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

අදාළ සිද්ධියට හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමෙන් පැයකට පමණ පසුව රණවීර මහතා නිවසින් පිටව ගිය පසුව නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පවසා තිබේ.

හිටපු අමාත්‍යවරයා සොයා ඔහු සිටින බවට සැක සහිත කැලණියේ ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරික්ෂාවට ලක්කර ඇතත් ඔහු සොයා ගැනීමට හැකිව නොමැත.

ඊට අමතර ප්‍රසන්න මහතාගේ රියදුරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටඋත්තරයක් ලබාගෙන තිබේ.

මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ කිරිබත්ගොඩ සමාජ ශාලා හිමිකරුවකු වන සිංගප්පූරු සරත් නැමැත්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටින බව වාර්තා වේ.

අදාළ ඉඩමේ පර්චස් 120 කට සකූඨ ලේඛන සකස් කර ඉන් භාගයක් තමන් සතු කර ගෙන ඉතිරි ප්‍රමාණය පර්චස් 7 බැගින් කඩකාමර ඉදිකිරිමට මුදල්ට අලෙවි කර වංචා කිරීම හා ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුලු තවත් තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

මෙම ඉඩම 2010 වසරේදී කිරිබත්ගොඩ නව නගරය ඉදිකිරීම සඳහා රජය වෙත පවරා ගත් භූමියක් වන අතර එම ඉඩම මෙලෙස මොවුන් වංචාසහගත ලෙස පවරාගෙන තිබේ.

කෙසේවුවද, මෙහි ඔප්පු සකස්කරන ලද නීතීඥයා මේවන විට මියගොස් ඇති බවද වාර්තා වේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved