Connect with us

පුවත්

හිටපු ජනාධිපති ගැන අපහාසාත්මක දුස්තොරතුරු රැසක්

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කරනු ලබන අසත්‍ය තොරතුරු තරයේ හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව අපහාසාත්මක දුස්තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන බවය.

අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස ඔක්තෝබර් 06 වනදා ලිඛිත නියෝග ලබා දී ඇති බව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය විය.

කෙසේ වෙතත් මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා එම පුවත ප්‍රතික්ෂේප කර ඇති බව රුවන් විජේවර්ධන මහතා අවධාරණය කළේය.

එමෙන්ම කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මැතිණිය ජනාධිපති මන්දිරය පෞද්ගලික පරිහරණය සඳහා යොදා නොගත් බව ද ඔහු කියා සිටියේය.

එය භාවිත කළේ නිල රාජකාරි කටයුතු සඳහා පමණක් බවයි ඔහු පෙන්වා දෙයි.

සුඛෝපභෝගී ආහාර සහ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ද අසත්‍ය මෙන්ම මුලුමුනින්ම දේශපාලන වෛරයක් පිරිමහගැනීම සඳහා කරනු ලබන පහත් ගණයේ ප්‍රකාශ පමණක් බව ද රුවන් විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

“ජනාධිපති මන්දිරයේ නිල උත්සව අවස්ථාවන්වලදී පැමිණෙන අමුත්තන්ට දේශීය ආහාරපානවලින් සංග්‍රහ කිරීම සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගනු ලැබුවේ ජනාධිපති මන්දිරයේ සේවය කරන සූපවේදීන්ගේ උපදෙස් මත දේශීය සැපයුම්කරුවන් මාර්ගයෙන් වන බවත් අවධාරණය කළ යුතුයි.

කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෝ වික්‍රමසිංහ මැතිණියගේ අවශ්‍යතාවයන් මත මුද්‍රිත ආහාර වට්ටෝරු, විදේශීය සුඛෝපභෝගී ආහාර පිළියෙල කිරීම හෝ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සිදුකර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රකාශයන් මුලුමුනින්ම දේශපාලන වෛරයක් පිරිමහගැනීම සඳහා කරනු ලබන පහත් ගණයේ මඩ ප්‍රකාශයක් පමණක් බවත් මා සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරුතම අවස්ථාවකදී වගකීමෙන් පළා නොයා දැවැන්ත අර්බුදයකින් රට ගොඩගත් නායකයාගේ චරිත ඝාතනය සඳහා දියත්කර ඇති පහත් පෙළේ මඩ ව්‍යාපාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය වශයෙන් අපි අතිශය කණගාටුවට පත්වන අතරම, මේ රටේ ජනතාවට සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න පිළිබඳව වටහාගැනීම සඳහා වන විචාර බුද්ධිය ඇතැයි අපි විශ්වාස කරනවා.

ඒ වගේම මඬ ගහමින් කාලය කා දමන්නේ නැතුව තමන් ලද ජනවරම ප්‍රකාරව රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කැපවීමෙන් ක්‍රියාකරන ලෙස අප වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved