Connect with us

පුවත්

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසේදීම ඝාතනය කරයි

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්තීවරයෙකු වූ ක්‍රිෂාන්ත පුලස්ති මහතා ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ.

කෑගල්ල පොලීසිය පවසන්නේ ඔහුගේ සිරුර නිදි ඇඳේදී ම අත් ගැට ගසා ගෙල සිර කර ඝාතනය කොට තිබියදී ඊයේ (28) සොයා ගත් බවය.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 75ක් වූ බුළුරුප්ප, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු බවද වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳගේ මුවෙහි ප්ලාස්ටර් අලවා නිවසේ අල්මාරි සියල්ල විවෘත කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බවය.

එම කාන්තාවටද සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටියදී පොලිසිය විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය තවදුරටත් පවසා සිටියේ යම් පිරිසක් නිවසට පැමිණ එහි බඩු මුට්ටු පෙරළා දැමීමට කටයුතු කර ඇති අතර නිවසේ පිටත තිබුණු මෝටර් රථය රැගෙන පළා ගොස් ඇති බවය.

කෙසේවෙතත්,  සොරකම් කරන ලද මෝටර් රථය පින්දෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පහරදිමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved