Connect with us

පුවත්

හිනිදුම ඝාතකයින් සොයන්න පොලිස් විශේෂ කාර්ය බලකාය

Published

on

ගාල්ල – හිනිදුම ප්‍රදේශයේ නවාතැන්පොළක හිමිකරු ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමත් සමග එම ප්‍රදේශයේ ආශ්‍රිතව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසන්නේ, දුරකතන දත්ත විශ්ලේෂණය කිරීම මෙන්ම ආරක්ෂිත කැමරාවල තොරතුරු ඔස්සේ වෙඩික්කරුවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවය.

පෙරේදා රාත්‍රියේ එල්ල වූ මෙම වෙඩි ප්‍රහාර වලින් මියගිය එක් අයෙකු අම්බලන්ගොඩ – බටපොල ප්‍රදේශයේ පදිංචි නෙවිල් නැමැත්තකු වේ.

ඔහු රැකියාවක් සදහා ඊශ්‍රායලයට යාමට නියමිතව සිට ඇති අයෙකු වන අතර ඒ සදහා ඔහු මුදල් ගණුදෙනුවක් සිදු කර තිබුණේ ප්‍රහාරයෙන් මිය ගිය හිනිදුම නවාතැන්පොළේ හිමිකරු සමගය.

එහිදි ඔහු රුපියල් ලක්ෂ 12ක මුදලක් විදෙස් ගතවීම සදහා නවාතැන්පොළේ හිමිකරු වෙත ලබාදී තිබුණි.

කෙසේ වෙතත්, ඉන් ලක්ෂ 02ක මුදලක් පමණක් නවාතැන්පොළේ හිමිකරු විසින් නෙවිල් නැමැත්තාට ආපසු ලබාදී තිබූ බවයි වාර්තා වේ.

ඒ අනුව දෙදෙනා මීට සතියකට පමණ පෙරද මෙම මුදල් ගැටලුව මුල් කරගෙන ආරවුලක් ඇති කරගෙන තිබේ.

අනතුරුව නවාතැන්පොළෙහි හිමිකරු විසින් නෙවිල් නැමැත්තාට ප්‍රකාශ කර ඇත්තේ මෙම මුදල් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමාගේ ලැගුම්හල වෙත පැමිණෙන ලෙසය.

ඒ අනුව පෙරේදා රාත්‍රියේ එහි පැමිණ ඔවුන් මෙම මත්පැන් සාදය පවත්වා තිබුණි.

එහිදී එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියක් යෙදාගෙන එහි සිටි පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදු කර තිබුණි.

කෙසේවෙතත්, මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂක කණ්ඩායම් 3 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කියා සිටියේය.

සබැඳි පුවත්:

ගාල්ලේ එකම තැන 3ක් වෙඩි තබා මරාදමයි

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved