Connect with us

පුවත්

හිමාලි අරුණාතිලක වංචාවක් සිදුකර නැහැ

Published

on

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

විජිත හේරත් මහතා මෙහිදී පවසා සිටියේ  සේවිකාවකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇය කිසිදු වංචාවක් සිදුකර නොමැති බවය.

හිමාලි අරුණාතිලක මහත්මිය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කරමින් සිටිය දී මෙරට සේවිකාවකට නිසි ලෙස වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කෙරුණි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇය කිසිදු පෞද්ගලික වංචාවක් සිදුකර නොමැති අතර රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයින් සඳහා සේවයේ නිරත අයට වැටුප් ගෙවනු ලබන්නේ ලංකා ආණ්ඩුවෙන් බවය.

හිමාලි අරුණාතිලක මහත්මිය මුහුණදුන් අපහසුතාවය පිළිබඳ රජයක් ලෙස තමා කනගාටුවන බව ද මෙම ගැටලුව ලංකාවේ වැටුප් තල අඩු මට්ටමේ පැවතීම හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වයක් වන බවත් විජිත හේරත් මහතා තවදුරටත් පැහැදිලි කලේය.

“තානාපතිවරයෙක් හෝ තානාපතිවරියක්, මහ කොමසාරිවරියක් රැගෙන යන සේවකයින්ට වැටුප් ගෙවන්නේ ලංකාවේ ආණ්ඩුවෙන්. ලංකාවේ ආණ්ඩුවේ වැටුප් තලය ඇත්තටම ගත්තොත් ලංකාවේ ආර්ථිකයට ගැලපෙන ප්‍රමාණයක් තමා අපි ගෙවන්නේ. විශේෂයෙන්ම ඒ ප්‍රමාණය යුරෝපයේ ඔස්ට්‍රේලියාවේ වැනි රටවල වැටුප් තලවලට වඩා අඩුයි. ප්‍රශ්නේ මතුවෙන්නේ ඒකත් එක්ක. එතුමි පුද්ගලිකව ඒ ලබාදුන් සේවකයින්ට වැටුප් ගෙවන්නේ ලංකාවේ ආණ්ඩුව. ඒක ඔස්ට්‍රේලියාවේ වැටුප් තලවලට වඩා අඩුයි. ඒ සමග තමයි ඇයට විරුද්ධව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව නීතිමය පියවර අරගෙන තිබුණේ. ඒක එතුමිය පෞද්ගලිකව මුහුණදුන්නා වගේම විවිධ රටවලට රාජ්‍ය තාන්ත්‍රික වැඩවලට යන බොහෝදෙනෙක් මුහුණදෙන ගැටලුවක්. මෙහිදී මම බොහෝම පැහැදිලිව කියන්න කැමතියි හිමාලි අරුණාතිලක මහත්මිය කිසිදු වංචාවක්, හොරකමක් කරලා නෑ. නමුත් එහෙ රටේ නීතියට අනුව තමයි ඔය නීතිමය තීන්දුව උසාවිය දීලා තියෙන්නේ. අපි මේ ගැන රජයක් විදියට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු කාරණයක්. අප්‍රිකානු රටවල වැඩකරද්දි ඕකේ අනිත් පැත්ත. ඕක තමා ඇත්ත කතාව.

පුවත්

කටඋත්තර ගැනීමට පෙර දැනුම්දිය යුතුයි – නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

Published

on

By

කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර තිබේ.

එම චක්‍රලේඛය දිවයිනේ සියලු පොලිස් ස්ථානවෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකථන මාර්ගයෙන් දැනුම් බවය.

පසුව තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද? සහ එහි අන්තර්ගත කරුණු මොනවාදැයි තමන් අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි බවත්, ඊට පිළිතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු චෝදනා කරයි.

එසේ තොරතුරු ලබානොදීම තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිට ලබා දුන් ප්‍රතිඥාවකට අනුව අදාළ චක්‍රලේඛය සකස්කර දිවයිනේ පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවය.

මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයා, එම අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Continue Reading

පුවත්

ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්

Published

on

By

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ බවයි.

කණ්ඩායම් 60ක් ඒ සඳහා පත් කර තිබේ.

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576 කි.

මේ අතර ජාතික ඩෙංගු මර්දන සතියේ පස් වැනි දිනය අදයි.

ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 6370ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

Published

on

By

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙනවිත් තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved