Connect with us

පුවත්

හිමිනමකට සුපර් මාර්කට් එකකදී ගැහුව කේස් එකට කතකගේ සම්බන්ධයක්

Published

on

හලාවත සුපිරි වෙළෙඳ සැලක් තුළදී හිමිනමකට පුද්ගලයකු පහර දෙන අයුරු මේ වන විට සමාජ මාධ්‍ය දැඩි ලෙස කතාබහට ලක් වෙමින් තිබේ. 

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කරවිටාගරේ ධම්මකිත්ති නමැති හිමිනමක් වන අතර, මේ හිමිනම හලාවත කරවිටාගාර විහාරස්ථානයේ හා ඉතාලියේ විහාරස්ථානයක වාසය කරයි.

පසුගිය 21 වැනිදා පස්වරු 02ට පමණ මේ පහරදීම සිදුව ඇති බව මේ හිමිනම හලාවත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. 

මේ පහරදීම සිදු කරන පුද්ගලයා මේ හිමිනමගේ ගමන් මල්ල පැහැරගෙන යන අයුරු ද කෑමරාවල සටහන්ව ඇත. 

මේ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ 48ක වටිනාකම ඇති යූරෝ මුදල් නෝට්ටු හා ශ්‍රී ලංකා රුපියල් තිබූ බවට පැමිණිල්ලේ සඳහන්ව ඇත. 

මේ මුදල් රැගෙනවිත් ඇත්තේ ඉතාලියට යැවීම සඳහා කිසියම් පුද්ගලයෙකුට දීමට බව ද වාර්තා වේ.

මේ හිමිනම පසුගිය 23 වැනිදා නැවත ඉතාලියට යාමට නියමිතව තිබී ඇත.

හිමිනමට පසුගිය කාලයේ දිගින් දිගටම කාන්තාවකගෙන් බලපෑම් තිබූ බවට ද තොරතුරු ලැබී තිබේ. 

මේ පහරදීම හා මංකොල්ලකෑම පිටුපස එම සිදුවීම තිබේ දැයි පොලිසිය සැක කරයි. හලාවත මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved