Connect with us

පුවත්

හිමිනමගේ ඝාතකයන් ගමන් කළ බවට සැක මෝටර් රථයක් හමුවේ

Published

on

අද (23) ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී හිමිනමක් ඝාතනය කළ වෙඩිකරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයක් කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී හමුවී තිබේ.

මෙම මෝටර් රථය අද පස්වරුවේදී හමුවන විටත් එකවර හඳුනාගත නොහැකි ලෙසට ගිනිබවත්ව තිබුණු බව පැවසේ.

මේ අතර, විමර්ශන ඇරඹු පොලිසියට සැකකරුවන් පළාගිය මොටර් රථයේ අංකය වන CAO-5345 අංකයම දරන සුදු පැහැති මෝටර් රථයක් පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයකින් ද හමුවී ඇතැයි වාර්තා වේ.

සබැඳි පුවත් :

ගම්පහ හිමිනමකට වෙඩිතබා අපවත් කරයි

පුවත්

වැඩබලන පොලිස්පතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

Published

on

By

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීය.

වැඩබලන පොලිස්පතිවරයා දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මෙසේ ලබා ගත යුතුය.

සබැඳි පුවත්:

ජනපති විසින් පත්කල වැඩබලන පොලිස්පති (Update)

Continue Reading

පුවත්

හරිනි නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Published

on

By

2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මහත්මිය නාමයෝජනා අත්සන් කර තිබේ.

විමල් කැටෙපේආරච්චි, හර්ෂණ නානායක්කාර, එරංග ගුණසේකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයින් රැසක් අද ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මෙලෙස නාමයෝජනා අත්සන් කර ඇති බව සඳහන්ය.

Continue Reading

ක්‍රීඩා

උපුල් තරංග අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග

Published

on

By

ශ්‍රී ලංකා‌ තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලෙසට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තුවක් නිකුත් කලේය.

ඒ, තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

‍‍“‍ලෙජන්ඩ් ට්‍රෝෆි 2024”‍ ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

ඒ, එම තරගාවලියට සහභාගි වූ කැන්ඩි සෑම් ආම් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා විසින් තමන්ට තරඟ පාවා දීමේ යෝජනාව සිදුකළ බවට පවසමිනි.

ඊට අදාළ නඩුව අද මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ අද කැඳවූ අතර එහිදී උපුල් තරංගගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබූ බව සඳහන්ය.

කෙසේ වෙතත් උපුල් තරංග අධිකරණයට නොදන්වා අමෙරිකානු නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා විදෙස් ගතවී ඇති බවටයි එහිදී අනාවරණ විය.

ඒ අනුව ඔහුට මෙරටට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved