Connect with us

පුවත්

හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග(Update)

Published

on

නඩුවකට පෙනී නොසිටීම හේතුවනේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (10) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මලි මහත්මිය වරෙන්තුවක් නිකුත් කළාය.

පසුව මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් වෙනුවෙන් නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවන ලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව අදාළ වරෙන්තු ආපසු කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.


(පෙර පුවත 2025 පෙබරවාරි 10 පෙ.ව. 11:27)

හිරුණිකාට වරෙන්තු

2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකාරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී මෙම පැමිණිල්ලේ සැකකාරියන් වශයෙන් නම්කර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙකු අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව අදාළ සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් 11 දෙනෙකු මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණිල්ල ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලීසිය සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව නීතිපති උපදෙස්වල ප්‍රගතිය ජුනි මස 30 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය පොලීසියට නියම කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණ භූමියට පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණි.

පුවත්

බ්‍රදර් චාල්ස්ගේ වැඩසටහනකට අමාත්‍යංශයෙන් තහනමක්

Published

on

By

බුදු දහමට හානිකර ලෙස පැවැත්වීමට යන චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ වැඩසටහනක් පිළිබඳව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ලිපියක් යොමුකර තිබේ.

අදාළ ලිපියේ සඳහන් වන්නේ, අදාළ වැඩසටහන අද (17) දිනයේ පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත බවය.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පලකරන බවට විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි අනුව එය නතර කරන ලෙසට දැනුම්දීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

Continue Reading

පුවත්

දුම්රිය වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පිළිතුරක්

Published

on

By

විසඳුම් ලබාදී තිබියදීත් මහජනතාව අපහසුතාවට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් අසාධාරණ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ එක්දින සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා සිටියේය.

වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම හා නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කරඇති බව එම නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනයේ උපුටනයක් පහතින්,

අද (16) දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් එනම්, වසර පහෙන් පහට ශ්‍රේණී උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම, නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක ඉදිරිපත් කරමින් අසාධාරණ ලෙස ක්ෂණික වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ලෙස මෙම වසර ආරම්භයේදීම (01/22) දුම්රිය දෙපාරිතමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 ඇතුළත්ය.

මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටලුකාරී තත්වයන් මත අමාත්‍යාංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාරක්ෂමතාව මේ වනතෙක් කිසිදු නව බදවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇත.

එසේම වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම ඇතුළු කරණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025/05/07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එළැඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම්වත්කර ඇත.

මෙම ඉල්ලීම්වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබා දී තිබියදීත්, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාරක්ෂමතාව හා ගැටළු සාකච්ඡා මගින් විසදාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශය ලෙස අපගේ අප්‍රසාදය පළ කර සිටිමු.

දුම්රිය දෙපාර්තමේන්තුවේ යම් යම් උප දෙපාර්තමේන්තු තුළ අඩු කාර්යක්ෂමතාවයක් තිබුණ ද අමාත්‍යාංශය මෙසේ සෑම ලෙසම මැදිහත්වීම සිදු කරමින් තිබිය දී අසාධාරණ ලෙස මහජනතාව පීඩාවට පත්වන අයුරින් වැඩවර්ජන දියත්කිරීම පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැක උපදවන අතර එම උවමනාව වනාහි අනෙකක් නොව ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ සහ හුදු මහජනතාව පීඩාවට පත් කිරීමේ ප්‍රයත්නයක් බව හැඟේ. 

එසේම දුම්රිය සේවය පවත්වාගැනීම සඳහා කළහැකි සියලු මැදිහත්වීම අමාත්‍යාංශය හා රජය ලෙස සෑම අයුරකින්ම නොපසුබට ව සිදු කරන බව ද අවධාරණය කර සිටිමු.

Continue Reading

පුවත්

පක්ෂ අභ්‍යන්තර ගෝරි පුංචි ඡන්ද ජාතික ලයිස්තු ප්‍රමාද කරයි

Published

on

By

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීමේදී බොහෝ දේශපාලන පක්ෂවල මතුවී ඇති විවිධ ගැටලු සහ අර්බුද හේතුවෙන් සභික ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම පමාවෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ තත්වය යටතේ පළාත් පාලන ආයතන පිහිටුවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද පැවසේ.

මේ ප්‍රමාදය සැලකිල්ලට ගෙන, සතියක් ඇතුළත සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මේවන විට දැනුම් දී තිබේ.

පළාත් පාලන ආයතන වලට පත් කෙරෙන සභිකයන් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි වන්නේ මෙම සියලුම නාම ලේඛන ලැබුණු පසුව බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved