Connect with us

පුවත්

හිස්බුල්ලා හි නායකත්වයට ශෙයික් නායිම්

Published

on

ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රහසිගත ස්ථානයක සිට, වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්, ෂෙයික් නායිම් කසීම් පවසා ඇත්තේ, හිස්බුල්ලා සාමාජිකයන්ට එරෙහිව පළමු ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලය බවත්, හිස්බුල්ලා සංවිධානයට නොව, වන්දි ගෙවීමට සිදුවනු ඇත්තේ ඊශ්‍රායලයට බවත්ය.

ඉරානයේ අනුග්‍රහය ලබන ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ෂෙයික් නායිම් කසීම් මේවන විට එම සංගමයේ වසර 30 ක් කටයුතු කර තිබේ.

පුවත්

පිල්ලෙයාන්ගෙන් සී.අයි.ඩි එකට ලියුමක්

Published

on

By

හිටපු අමාත්‍ය සිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කර තිබේ.

එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඒ සඳහා ලබන 18 සහ 25 අතර දිනයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට හැකියාව පවතින බවය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අද (12)දිනයේ ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) දැනුම් දුන්නේ පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරයට අදාළව විදෙස් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවය.

Continue Reading

පුවත්

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අමෙරිකානු තානාපති කාර්යාලයට ඉල්ලීමක්

Published

on

By



නැවත දැනුම් දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයේ ගමන් කිරීමෙන් වළකින ලෙස නිකුත් කළ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රජයේ ආරංචි මාර්ග සදහන් කළේය.

පසුගිය මස 23 වැනිදා අමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට අදාළ නිවේදනය නිකුත් කරනු ලැබුවේ ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බව පවසමිනි.

එහිදී ඔවුන් පෙන්වාදුන්නේ නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවය.

අදාළ නිවේදනයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට මෙම කලාපවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටියි.

එම තත්ත්වය හමුවේ රජය එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර බුද්ධි අංශ යොදවා එහි ආරක්ෂක කටයුතු නිරන්තරයෙන් සොයා බැලීමට පියවර ගත්තේය.

ඒ අනුව මේ වන විටත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකවේ.

මෙම තත්ත්වය හමුවේ පසුගිය ඉරිදා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු සදහන් කළේ අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවය.

අනතුරුව අදාළ ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය පියවර ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවේ පසුවේ.

Continue Reading

පුවත්

නිලධාරීන් 9000ක් කළුතර ඡන්ද රාජකාරියට

Published

on

By

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කය පුරා ඡන්ද මධ්‍යස්ථාන 735 සඳහා රාජ්‍ය නිලධාරීන් 9000 ක ප්‍රමාණයක් යොදවනු ඇතැයි කළුතර මහා දිසාපති සහ තේරීම් භාර නිලධාරී ජනක, කේ.ගුණවර්ධන මහතා පවසයි.

එම මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500 ක් ඇතුළුව දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 4000 ක් පමණ යෙදවීමට නියමිතය.

තේරීම් බාර නිලධාරීවරයා සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 124 සඳහා රාජ්‍ය නිලධාරීන් 6000ක් යෙදවීම සඳහා අපි යුතු කරන බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved