Connect with us

පුවත්

හීත්‍රෝ වසා දැමීමෙන් ශ්‍රීලංකන් ගුවන් ගමනුත් නවතියි

Published

on

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 2ක්ද අවලංගු කිරීමට සිදුව තිබේ.

මේ පිළබඳ නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවසා සිටියේ, අද පැය 12:50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20:40 ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවයි.

බලපෑමට ලක් වූ මගීන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවත් හීත්‍රෝ ගුවන්තොටුපොළෙහි ඇති වී තිබෙන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

එමෙන්ම හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“වැඩිදුර සහාය ලබාගැනීම සඳහා කරුණාකර 1979 (ශ්‍රී ලංකාව තුළ), +94117 77 1979 (ජාත්‍යන්තර) හෝ +94744 44 1979 (WhatsApp chat) ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවා පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හෝ ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලය හෝ සංචාරක නියෝජිතයා අමතන ලෙස ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් ඔබට සිදුවූ අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටින අතර ඔබගේ ඉවසීම සහ අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් අපගේ අවංක ස්තූතිය පලකර සිටින්නෙමු” 

එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන හීත්‍රෝ ගුවන්තොටුපොළ අද (21) දවස පුරා වසාතැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් මෙම තීරණය ගැනීමට ඔවුන්ට සිදුවිය.

මෙම ගින්න හේතුවෙන් ගුවන්තොටුපොළ තුළ සැලකිය යුතු විදුලිය බිඳවැටීමක්ද සිදුව ඇති බවත්, මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් හීත්‍රෝ ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved