මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටියදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය යුධ හමුදා නිලධාරීවරයාගේ දේහය හෙට (22) සවස 06.00 ට තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිතය.
මෙලෙස මිය ගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 14 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකායේ ලාන්ස් කෝප්රල් දේශප්‍රිය එම්.ජී.එල්. මහතාය. ඔහු පසුගිය 11දා හදිසි හෘදයාබාධයකට ලක්විය.
හේරත් මහතා මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන තුන් වන මට්ටමේ රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්ප්‍රදායන්ට අනුකූලව, මාලි රාජ්‍යයේ මිනුස්මා හමුදා මෙහෙයුම් ප්‍රධානී ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් , එම මූලස්ථානයේ දී 02/16 දින පෙරවරු 09.00 ට මේ පිළිබඳව අවමංගල්‍ය උත්සවයක් පවත්වා තිබේ .
අනුරාධපුර, විහාරමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහක දෙදරු පියෙකි.
දේහය මෙරටට ගෙන ඒමෙන් පසුව අවසන් අවමංගල්‍ය කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදා උත්තමාචාර මධ්‍යයේ අනුරාධපුර විහාරමැදවච්චියේ දී පැවැත්වීමට නියමිතය.