Connect with us

පුවත්

හෙට රට පුරා සියලුම විද්‍යාපීඨවලට යුධ හමුදා ආරක්ෂාව

Published

on

සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් බඳවා ගැනෙන හෙට (18) දිනයේ යුධ හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගෙන් ඊයේ (16) දින ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස නවක සිසුන් බඳවා ගැනීමෙන් ඉවත්ව සිටින කථිකාචාර්යවරුන් සිසු ගැටුම් නිර්මාණය කර බඳවා ගැනීමේ කටයුතු කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයක නියැලෙන බවට තොරතුරු ලැබී තිබෙන බව ද සඳහන් කරමින්, ලේකම්වරිය මෙම ඉල්ලීම කර ඇත.

කථිකාචාර්යවරුන් ඔවුන්ගේ වෘත්තීය සමිති බලපෑම මත මෙම නවක බඳවා ගැනීම් කටයුතු සඳහා සහභාගී නොවීමට හා කිසිදු සහයෝගයක් නොදීමට තීරණය කර තිබෙන බවත්, එවැනි තත්ත්වයක් මත විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් වෙත සියලු වගකීම් තනිව දරාගෙන කටයුතු කිරීමට සිදු වන බව ද සිය ලිපියේ සඳහන් කරන ලේකම්වරිය විද්‍යාපීඨවල නවක වදය වැනි ක්‍රියාකාරකම් ඇති කිරීමේ උත්සාහයක් පිළිබඳව ද තොරතුරු ලැබී තිබෙන බවත් සඳහන් කර ඇතැයි සඳහන්ය.

එබැවින් සියලුම විද්‍යාපීඨවල ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන්ගේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.

මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ආරක්ෂාව සඳහා යුද හමුදා සහය ලබා ගැනීමේ පියවරට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එම සංගමය ඊයේ (16) රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබූ බව ද සඳහන්ය.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved