Connect with us

පුවත්

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වෙයි

Published

on

සැප්තැම්බර් මස 03 සහ 04 යන දෙදින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීය.

ඒ අනුව සැප්තැම්බර් මස 03 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත (දෙවනිවර කියවීම), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනිවර කියවීම) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවන වර කියවීමට නියමිතය.

පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව බවයි, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසා සිටියාය.

සැප්තැම්බර් 04 වැනි දා, බදාදා පෙරවරු 9.30 සිට ‌පෙරවරු 10.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබේ.

අනතුරුව පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි, උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගය ද්විත්වයක් සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාද කොට සම්මත කිරීමට නියමිතය.

පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

පුවත්

ශ්‍රී ලාංකික මුදලාලිලාගෙන් චීන තානාපති මජින්තට ලෙඩක්

Published

on

By

චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාගෙන් තමන්ට සහයෝගය නොලැබුණු බවට ශ්‍රී ලාංකික ආයෝජකයින් පිරිසක් වාණිජ, පාරිභෝගික සේවා ඇමැති වසන්ත සමරසිංහ මහතාට ගතු කීමේ සිද්ධියක් වාර්තා වේ.

අමාත්‍යවරයාට අදාළ කාරණා පවසා ඇත්තේ නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී පසුගියදා පැවැති 9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගි වූ අවස්ථාවේදීය.

ඇමැතිවරයා සෑම ව්‍යාපාරික කුටියකටම ගොස් අපනයනකරුවන් හමුවුවත්, චීනයේ බීජිං නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙළෙඳ කුටියකට පමණක් ගොස් හැරී ගිය බව ඔවුන් පවසා තිබේ.

ව්‍යාපාරිකයන්ගේ අදාල දෝශාරෝපනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ‘‘මම ලංකාවට ගිහිල්ලා විදේශ කටයුතු ඇමැතිවරයා දැනුවත් කරන්නම්’’ යනුවෙන් අපනයනකරුවන්ට පොරොන්දුක් ද එහිදී ලබාදී ඇත.

කෙසේවුවද, චීනයේ බින්න බැස්ස ව්‍යාපාරිකයන් පිරිසක් එහි අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහ කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සෑහෙන බාධා පමුණුවන බවට ද බීජිං චීන තානාපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ තත්ත්වය නිසා වසර ගණනක සිට ශ්‍රී ලාංකිකයන්ට චීනයේ ව්‍යාපාරික අවස්ථා බොහොමයක් වැසී ගොස් ඇති බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පියුමිගේ පුතාට ඇප; පහර කෑ අය තවමත් රෝහලේ

Published

on

By

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.

Continue Reading

පුවත්

කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ බිරිය මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් ඵලා ගිහින්!

Published

on

By

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට වාර්තා පළ විය.

පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී යළි මෙරටට පැමිණිමට නියමිත බවත් වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved