Connect with us

පුවත්

හෙද හිඟයෙන් ගම්පහ රෝහලේ සැත්කම් සීමා වෙයි

Published

on

ගම්පහ මූලික රෝහලේ පවතින හෙද හෙදියන්ගේ හිඟය නිසා එම රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකය, සැත්කම් ඒකකය මෙන්ම හදිස්සි සැත්කම් ඒකකය සහ රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙනයාම අසීරු වී ඇතැයි ඒම රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය හිමාලි විජේගුණරත්න මහත්මිය කියා සිටී.

මෙම රෝහලේ හෙද හෙදියන් බොහෝමයක් විදේශගතවී සිටින බවත්, සමහරු විශ්‍රාම ගොස් ඇති බවත්, තවත් සමහරු දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ලබාගෙන තිබෙන බවත් ඇය පැවසුවාය.

අදාළ තත්ත්වය හේතුවෙන් රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකය, සැත්කම් ඒකකය මෙන්ම හදිස්සි සැත්කම් ඒකකය ඇතුළු රෝහලේ සෙසු වාට්ටු සඳහා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අඩුම තරමින් හෙද හෙදියන් තිස් දෙනෙකුවත් සිටිය යුතු නමුත් මේ වනතෙක් එම අඩුපාඩුව විසඳීමට කිසිවෙකුගේ අවධානයක් යොමුවී නැතැයිද ඇය කියා සිටී. 

මේ බව වගකිව යුතු අංශවලට වාර කිහිපයකදීම දැනුවත් කර ඇතැයි ද පැවසේ.

තවද එම රෝහලේ දිනපතා කෙරෙන ශල්‍යකර්ම, දිනපතා සිදු කෙරෙන හදිසි ශල්‍යකර්ම, ශල්‍යාගාරයේ සේවයේ නියුතු හෙද හෙදියන් මෙන්ම හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ ද හෙදියන් අවශ්‍ය ප්‍රමාණයට නොසිටීම හේතුවෙන් රෝහලේ අතවශ්‍ය ශල්‍යාගාර හා සැත්කම් සේවා පවත්වාගෙන යෑමටද විශාල ගැටලුවක් වී ඇතැයි රෝහල් අධ්‍යක්‍ෂවරිය කියා සිටී.

එම තත්ත්වය හේතුවෙන් ශල්‍යකර්ම හා සැත්කම් සීමාකර පාලනයකට යටත්ව සිදු කිරීමටද රෝහලේ බලධාරීන්ට ඊයේත් සිදුව තිබුණු බවද වාර්තා වේ.

හෙද හෙදියන්ගේ හිඟය නිසා දැනට සේවය කරන හෙද හෙදියන් පැය 24 පුරාම අතිකාල සේවාවන් සිදු කළත් තවදුරටත් ඔවුන්ට මේ අකාරයට වෙහෙසවීමට අසීරු බවද රෝහල් අධ්‍යක්ෂවරිය සදහන් කරයි.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved