Connect with us

පුවත්

හොරු අල්ලන්න හිටපු රන්ජන් හොරෙක් අල්ලගෙන – දිලිත්

Published

on

හොරු අල්ලන්න හිටපු රන්ජන් රාමනායක හොරෙක් අල්ලගෙන ඇතැයි සමාජ මාධ්‍යවල පළවී තිබෙන බවත්, රන්ජන් රාමනායක නිරතවී සිටින්නේ ව්‍යාපාරික කටයුත්තක බවත් සර්ව ජනබලය පක්ෂයේ නායක, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා කියයි.

ජයවීර මහතා මේ බව කියා සිටියේ බොරැල්ල පිහිටි එම පක්ෂ කාර්යාලයයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර,

“රන්ජන් රාමනායක ව්‍යාපාරික කටයුත්තක නිරත වෙලා ඉන්නේ. එතුමාගේ දේශපාලන ප්‍රවේශය ගත්තොත් ඒ පක්ෂයේ නායකයා කවුද, ඒ පක්ෂය අයිති කාටද, ඒ පක්ෂයේ මූලධර්ම මොනවාද, ඒ පක්ෂයේ අපේක්ෂාවන් මොනවාද, ඒ පක්ෂය විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. රන්ජන් රාමනායක හොරු අල්ලන්න හිටපු කෙනෙක්. මම දැක්කා සමාජ මාධ්‍යවල සඳහන් වෙලා තියෙනවා හොරු අල්ලන්න හිටපු රන්ජන් හොරෙක් අල්ලගෙන කියලා. ඒකයි කතාව. මේක දේශපාලන විකෘතියක්. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මෙයට දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතුයි. මේ විකෘතිය නිවැරදි විය යුතුයි. ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන්නට ඕනෑම ශ්‍රී ලාංකිකයකුට අයිතිය තියෙනවා. හැබැයි මේ එන විකෘතිය මෙරට දේශපාලනයේ කලින් නොතිබුණු දෙයක්. සියලු දෙනා එක්ව මෙය නිවැරදි කිරීම සදහා පෙනී සිටිය යුතුයි’’ යැයිද ඔහු කීවේය.

සබැඳි පුවත් :

රන්ජන් ඡන්දය ඉල්ලන්නේ “ලයිකා මොබයිල්” පක්ෂයෙන් ඕෂලගෙන් චෝදනා

රන්ජන්ගේ සමුළුවට දෙදාහට ගෙන්නා කට්ටිය; සරසවි සිසුන් නෙවෙයි – රවී කුමදේශ් (වීඩියෝ)

රන්ජන්ගේ මයික් සමුළුවෙන් පසු උණුසුම් තත්ත්වයක්!

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved