Connect with us

පුවත්

හොරු හොයනවා වෙනුවට දැන් තියෙන්නෙ දේශපාලන පාතාලයක්  – පාඨලී

Published

on

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (30) කැඳවා තිබුණි.

රත්නපුර ප්‍රදේශයේ 2024.03.30 දින එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු, ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙ.ව. 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ඔහුව කැඳවා තිණි.

එම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා, 

“මාර්තු 30 වෙනිදා මම රත්නපුරේ දී කරපු ප්‍රකාශයක් ගැන තමයි මේ පරිගණක අපරාධ අංශය එන්න කියලා තිබුණේ. මම හිතුවා අර රටේ බදු නොගෙවපු හොරු, බදු හොරු, ඒ වගේම බැංකු වලට පොලු තියපු හොරු, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන තමයි මේ හොයන්න යන්නේ කියලා. 

නමුත් ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණද? ආදී වශයෙන් ඔය පරණ ප්‍රශ්න වැලම තමයි ඇහුවේ. 

ඉතින් මම මේ පිළිබඳ සවිස්තරාත්මක සාක්කියක්, කිසිම දෙයක් හංගලා නැහැ. මේ ජනාධිපති කොමිෂන් සභා ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ක්‍රියා කලාද, නැද්ද, මගේ සාක්ෂි සැලකිල්ලට ගත්තද, නැද්ද? කියලා මම දන්නේ නැහැ. 

පාර්ලිමේන්තුවේ මම අවස්ථා පහක මේ පිළිබඳව මගේ අදහස් දක්වලා තියෙනවා. 

ඉතින් ජනාධිපති කොමිෂන් සභාව, මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහළොස් දෙනෙක් ගැන කරුණු එවලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, දැන් ඉන්න පොලිස්පතිතුමා ඇතුළු දැනට ලංකාවේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු, කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ නඩු පවරන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න කියලා. 

ඒ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව අපිව කැඳව, කැඳවා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. 

මං හිතනවා ඊළඟ ආණ්ඩුවක මේ ආණ්ඩුවෙන් මේක වෙන්නෑ. ඊළඟ ආණ්ඩුවක වැදගත්ම දේ තමයි මේ අපරාධය පිළිබඳ නොවිසඳුණු ප්‍රශ්න විසඳලා මේ සැක දුරු කරලා මියගිය 270 දෙනාටත් තුවාල ලැබූ 470කට අධික පිරිසටත් යුක්තිය ඉෂ්ඨ කරනවා. 

ඒ වගේම මේ දැනට මේ රටේ ක්‍රියාත්මක වෙනවා දේශපාලන පාතාලයක්. ඒ දේශපාලන පාතාලයට ඕන විදිහට දේශපාලන පළිගැනීම් සඳහා මේ පොලිසියත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, මේ පරීක්ෂණ අංශත් ගැනීම ගැන අපි තරයේ හෙළා දකිනවා. 

අනාගතයේ අනිවාර්යෙන්ම පොලීසියත්, අපරාධ පරීක්ෂණ අංශත්, ඒ වගේම බුද්ධි අංශත් ස්වාධීන කළ යුතුයි. එහෙම නැත්නම් මේ දේශපාලන පාතාලයට අවශ්‍ය විදිහට මේවා හැසිරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved