Connect with us

පුවත්

හොරෙන් විදුලිය ගැනීමෙන් මණ්ඩලයට කෝටි 8ක පාඩුවක්

Published

on

අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඇතැම් පුද්ගලයන් විසින් විදුලි මීටර් වෙනස් කිරීම් හා විවිධ උපකරණ යොදා ගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම හේතුවෙන් මෙම පාඩුව සිදු වන බව එම කිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීමෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක මූල්‍ය පාඩුවක් මණ්ඩලයට සිදු ව තිබේ.

මාස 08ක කාලය තුළ විදුලි මීටර් වෙනස් කිරීම් සම්බන්ධයෙන් වැටලීම් 1,041ක් සිදු කර ඇත.

එලෙස විදුලි මීටර් වෙනස් කිරීම මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට හත්කෝටි හැට හතර ලක්ෂ විසි හත්දහස් හයසිය හතළිස් නවයක අලාභයක් සිදු ව ඇති බව ද සඳහන් වේ.

තවද විදුලි රැහැන්වලට විවිධ උපකරණ සවිකර විදුලිය ලබාගැනීම් සම්බන්ධයෙන් වැටලීම් 81ක් සිදු කර ඇති අතර එම වැටලීම් තුළින් රුපියල් විසි හය ලක්ෂ හතළිස් හත්දහස් දෙසිය හතක අලාභයක් සිදු ව ඇති බව ද වැඩිදුරටත් පවසයි.

එලෙස අදාළ පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් තිස් හය ලක්ෂ අනූ පන්දහස් පන්සියයක මුදලක් දඩ වශයෙන් අය කර ගත් බවද මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved