Connect with us

පුවත්

ප්‍රමිතියක් නැති ඖෂධ ගෙන්වූ අරුණ රිමාන්ඩ් (Update)

Published

on

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන් වු Isolez Biotech Pharma සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති එළඹෙන 15 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර ඇත.

අදාළ ඉන්දීය සමාගමක් සමඟ සිදුකළ පණිවුඩ හුවමාරුවකින් එම සමාගම කිසිදු ඖෂධයක් ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට අපනයන කර නොමැති බවට අනාවරණය කරගත් බවට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ඒ සඳහා මෙරට සමාගමක් මෙලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව එහිදී අනාවරණය වුණි.

ඒ අනුව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සිට ඉමියුනොග්ලොබියුලින් නැමති එන්නත් කුප්පි 22,500ක් ආනයන කිරීමේ චෝදනා මත අදාළ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගත්තේය.


(පෙර පුවත : 2023 නොවැම්බර් 01, පෙ.ව.10:53)

හොර ඖෂධ ගෙන්වූ අරුණ CIDය අත්අඩංගුවට ගනියි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන් වු Isolez Biotech Pharma සමාගමේ හිමිකරු කොල්ලපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500කට ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇති බව පසුගියදා අනාවරණ විය.

අදාළ සැකකරු 57 හැවිරිදි රත්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නැමැත්තෙකි.

ඔහු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම පසුගියදා විදේශ ගමන් තහනමක් පැන වූවාය.

මෙසේ විදේශ ගමන් තහනම් කරන ලද්දේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්  අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සහ ඖෂධ ගෙන් වූ බව කියන සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති යන තිදෙනාටය.

මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමට  පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පසුගියදා Isolez Biotech Pharma සමාගමේ සිදුව කම්හල වටලා විශේෂ විමර්ශනයක් සිදුකර තිබිණ.

මේ අතර, හොර ඉමියුනෝග්ලොබියුලින් රෝගී ශරීර වලට ඇතුලු කිරීම දක්වා සිදුවූ සම්පූර්ණ වංචාව සිදු කර ඇත්තේ, අවම තරමින් හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපතක් පවා නොමැතිව බව හොර WoR ලිපියේ ඔරිජිනල් පිටපත සොයා ගැනීමට නොහැකිවීම මගින් තහවුරු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved