Connect with us

පුවත්

හොර තැපැල් වෙබ් අඩවියක්; මාට්ටු වූ අයගෙන් ලක්ෂ ගණනක් ගරලා

Published

on

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කොට කුරියර් සේවාව ලබාදෙන මුවාවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්ගත මුදල් ඔන්ලයින් බැංකු ක්‍රමය හරහා වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත කරුණු වාර්තා කළේය.

තැපැල්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

මෙම වංචාවට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් සම්බන්ධ ද නැත්නම් බාහිර පුද්ගලයන් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් බැර කර ගිණුම් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා දෙන ලෙසට අධිකරණයෙන් බැංකු වෙත නියෝග ඉල්ලා සිටියේය.

පාර්සලයක් ලැබී ඇති බව සඳහන් කරමින් ගනුදෙනුකරුගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබෙන අතර එම පණිවිඩය ඔස්සේ අදාළ වෙබ් අඩවියට පිවිසීමට උපදෙස් දී එලෙස පිවිසූ විට මුද්දර ගාස්තු වශයෙන් රුපියල් 95ක මුදලක් ගෙවීමට ඇති බව සඳහන් කරමින් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගැනීම සිදු කර ඇත.

අනතුරුව එකී තොරතුරු ඔස්සේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම්ගත මුදල් ලක්ෂ ගණනින් ලබාගෙන ඇත.225,918.36 හා 297,130.81 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි දෙකක් ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසට බැංකු වෙත නියෝග නිකුත් කළේය.

(දිනමිණ)

පුවත්

තල්දූවට සහ ශානිට නව වගකීම්

Published

on

By

ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCඓඹ්) පිහිටවීමට තීරණය කර තිබේ.‍

එය නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කරනු ඇත.

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

පෙරේදා (පෙබරවාරි 09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

නව EPF කළමනාකරණ පද්ධතියක්

Published

on

By



නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා‌ යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණ වේ.

2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2ක් වන අතර, පසුගිය වසර කිහිපය තුළ එහි වත්කම්වල වාර්ෂික වර්ධනය 9%ට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගෙන ඇත.

සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් සැකසිය හැකි පරිශිලක ගිණුම් සහ දත්ත විශාල ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවකින් පවත්වාගෙන යාමට තරම් ශක්‍යතාවයකින් යුතු තොරතුරු තාක්ෂණ පද්ධතියක අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඉන්දියාවේ Price water house Coopers Private Limitedහි උපදේශකත්වය යටතේ නව කළමනාකරණ පද්ධතියේ සැලසුම් සහ අවශ්‍ය පිරිවිතර සකස් කිරීම අවසන් කර ඇත.

එම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධති සම්බන්ධකයෙක් (System Integrator) තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved