නිකවැරටිය වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීම සහ ඇතාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරු ඊයේ (4) ඇතා රෝගාතූරව සිටි පොල්පිතිගම ප්‍රදේශයේ අධීක්ෂණයට සහභාගී වූහ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පශුවෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, විවිධ පරිසර සංවිධාන, මහව පොලිස් ස්ථානයේ නිළධාරීන්, දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රදේශවාසීන් මෙම ඇතාගේ රෝගී තත්වය පිළිබඳ විමසීමට එක් විය.
මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කකණ්ඩායමක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව දැනට රෝගීව සිටින ඇතාගේ රුධිර සාම්පල් සහ සෙම සාම්පල් ලබා ගැනීම සිදු කරන ලද අතර ඇතාගේ ස්කෑන් පරීක්ෂණය සහ රුධිකර සාම්පල් සහ අනෙකුත් වෛද්‍ය වාර්තා පදනම් කරගෙන ප්‍රතිකාර කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
එමෙන් ම නිරන්තරයෙන් ඇතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වාර්තා කිරීමටත් ඒ අනුව ප්‍රතිකාර විධිමත් කිරීමටත් පරිසර අමාත්‍යවරු විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දෙන ලදී.