Connect with us

පුවත්

හොර ස්ටිකර් ගැසූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රවලට අබසරණයි!

Published

on

සුරාබදු නිලධාරීන් අතර දූෂණය වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් මත්පැන් බෝතල් ආරක්ෂණ ස්ටිකර් වංචාවට සම්බන්ධ සමාගම්වලට දැඩි දඩ නියම කර මත්පැන් බලපත්‍ර අවලංගු කරන ලෙසත් මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

දේශීය මත්පැන් ව්‍යාපාරයේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක මෙම නිර්දේශ ඇතුළත් බව මුදල් අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුවට නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ හැකි පරිදි CCTV කැමරා පද්ධති කර්මාන්තශාලා තුළ සවි කළ යුතු බවට මත්පැන් නිෂ්පාදකයන්ට නියෝග නිකුත් කරන ලෙස ද අමාත්‍යාංශය නිර්දේශ කර ඇත.

වංචාවන්ට ඇතැම් සුරාබදු නිලධාරීන් ද සම්බන්ධ බවට එල්ල වන චෝදනා හේතුවෙන්, ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන කම්හල්වලට පරීක්‍ෂකවරුන් ලෙස යොදවා ඇති සුරාබදු නිලධාරීන් වහාම ස්ථාන මාරු කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිර්දේශ කරයි.

එහි අතිරේක පියවරක් ලෙස, මත්පැන් නිෂ්පාදන කම්හල්වලට පරීක්ෂකවරුන් ලෙස යොදවා ඇති සියලුම සුරාබදු නිලධාරීන් මාස හයකට වරක් මාරු කළ යුතු බවද දැක්වේ.

තවත් නිර්දේශයක් වන්නේ එකම ප්‍රදේශයක බලපත්‍ර කිහිපයක් ඇති මත්පැන් බලපත්‍රලාභීන්ට ආසන්න ස්ථාන කිහිපයක මත්පැන් අලෙවි කිරීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමයි.

මුදල් අමාත්‍යාංශයේ මෙම වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු ක්‍රමවේද කාරක සභාව වෙත ද යොමු කර ඇත.

මේ අතර, මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර්වල ව්‍යාජත්වය හඳුනා ගැනීමට මෙරට පහසුකම් නැතැයි සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂන් ජයකොඩි මහතා කියා සිටී.

ඒවා හඳුනා ගැනීමට ඉන්දියාවට යැවීමට සිදුව ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටී.

ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීම සඳහා සුරාබදු නිලධාරීන්ට උපකරණ ලබා දී ඇතත්, ව්‍යාජ නොවන ස්ටිකරයක් ස්කෑන් කර හෝ පිටපත් කර මත්පැන් බ‌ෝතල්වල අලවා තිබුණහොත් එය ප්‍රමිතිගත ස්ටිකරයක් ලෙස පරික්ෂා කරනු ලබන යන්ත්‍රයෙන් හදුනා ගැනීමේ හැකියාවක් නොවන බව ඔහු පෙන්වා දෙයි.

ඒ විවිධ මත්පැන් අනුව ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම්වලින් (උපරිම අංක 10ක්) අනුක්‍රමික අංකයක්, රහස් සලකුණු වැනි වෝහාරික ලකුණු ඇතත් ඒ්වා ගැන දැනට දන්නේ ඉන්දීය සමාගම පමණක් වීම නිසාය.

අදාළ, ස්ටිකර් හඳුනා ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මේ මාසයේ මුලදී දින 04ක කාලයකට ඉන්දියාවට යවා පහුණුව ලබාදී ඇතත්, ඒම නිලධාරියාට ද ඒම සලකුණු වලින් කොටසක අවබෝධයක් පමණක් බවද මේ අතර වාර්තා වේ.

යහපාලන කාලයේදී (2019) එළඹි ගිවිසුමට අනුව 2022 ජනවාරි 03 වැනිදා සිට මෙම ඉන්දීය සමාගමේ ස්ටිකර් මත්පැන් බ‌ෝතල් මත ඇලවීම ක්‍රියාත්මක වේ.

මේ ගිවිසුම අවසන්වීමට නියමිතව ඇත්ත‌ේ 2027 ජනවාරි 02 වැනිදාය.

අදාළ ගිවිසුමට අනුව මත්පැන් බෝතල් 1000ක ස්ටිකර් සඳහා ඇමරිකානු ඩොලර් 5.99ක් (රුපියල් ආසන්න වශයෙන් 1904  ක් ) ඉන්දීය සමාගම වෙත ගෙවනු ලැබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved