දරුවන් පිරිසකට පොලිතීන් හා පත්තර පිටු බලහත්කාරයෙන් කැවූ බව පැවසෙන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.
ඒ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පහසුවක් ලෙස එම පියවර ගත් බවද අමාත්‍යවරයා කීවේය.
සබැඳි පුවත්
සිසුන්ට පොලිතින් හා පත්තර පිටු කවා දඬුවම් කරලා!